IMF කොන්දේසි අකුරට පිළිපදින බදු රනිල්...

 

ඊයේ සිට ලබන වසරේ දෙසැම්බර් 31දක්වා බලපැවැත්වෙන පරිදි කාංඩ 11කට අයත් ආහාර හා පළතුරු සඳහා විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් පනවමින් නිවේදනයක් නිකුත් කර ඇත .විශේෂ වෙළෙඳ භාණ්ඩ පන⁣ත යටතේ එම නිවේදනය නිකුත් කර ඇත්තේ මුදල් ඇමති ලෙස රනිල් වික්‍රමසිංහය.බොම්බයි ලූණු,සැමන්,ඇතුළු භාණ්ඩ රැසක් ඊට අයත්ය.

ණය බරින් ,ජීවන බරින් මිරිකී සිටින ජනතාවට තව තවත් මෙවැනි වක්‍ර  බදු පැටවීමෙන් පෙන්නුම් කරන්නේ ජනතාවගේ පටි තද නොකර මේ අර්බුදයෙන් ගැලවීමට නුපුළුවන් බවට IMF ලබාදී ඇති උපදෙස රනිල් අකුරටම පිළිපදින බවය.එබඳු පියවර ක්‍රියාත්මක කිරීමෙන් වඩාත්ම පීඩාවට පත් වන්නේ සමාජයේ පහළම ස්ථරයන් වන කම්කරුවන් ,ගොවීන් ,රැකියා විරහිත ජනයා සහ පහළ මැද පංතිය බව රනිල් දැන දැනම ඔවුන්ටම බදු පටවයි.ඒ රනිල් ගේ හැටිය.ඔහුගේ ගජ මිතුරන්ගේ බදු ,ණය කපා හරිති.බදු පැහැර හැර ඇති ඉහළ පංතියේ ජාවාරම්කාරයන්ගෙන් එම මුදල් අය කර ගැනීමට රනිල්ට හදිසියක් නැත.අය කර ගන්නේ නැත. කෝටි ගණනක මුදලක් එසේ අය කර ගැනීමට ඇත.

       මෙලෙස පොදු ජනතාව පීඩාවට පත්කිරීමේ අනිවාර්ය ප්‍රතිඵලය සමාජ අර්බූදයන් උත්සන්න වීමත්,විවිධ සමාජ අරගල ,විවිධ ස්වරූපයන්ගෙන් වර්ධනය වීමත් බව ඉතිහාසයෙන් ඔප්පු කොට ඇත .මිනිස්සු ඉවසීමෙන් බලාගෙන ඉන්නේ ඊළඟ ජනාධිපතිවරණය අත ළඟ නිසා බව පාලකයන් දැන ගත යුතු බව වාමාංශික විද්වතකු  LankaLNews වෙත පැවසීය .මොකද නීතිය අනුව  ජනාධිපතිවරණය ලබන අගෝස්තු වනවිට අනිවාර්යයෙන්ම  කැඳවීමට  නියමිත බැවිනි .

Post a Comment

0 Comments