රට තුළ මතු වූ අර්බුදයේදී ආණ්ඩුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ පිහිට පැතූ නිසා දැන් එහි රූකඩයක් බවට පත් වී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කරයි.
අද වන විට ආණ්ඩුවේ වර්තමාන වියදම් පියවා ගැනීමට මුල්‍ය අරමුදල විසින් ලැබෙන මුදලින් ගෙවීමට එපා යැයි දැනුම්දී තිබෙන බැවින් ආණ්ඩුව වියදම් සොයා ගැනීමට ක්‍රමවේදයක් නැතිව බදු වැඩි කර ගැනීමට කටයුතු කර ඇතැයි ද හෙතෙම පෙන්වා.
ආණ්ඩුව අදවන විට වැට් බද්ද 18% තෙක් ඉහළත් දැමීමෙන් ජනතාව තවත් අසීරු තාවයට පත්ව ඇති බවද හෙතෙම සඳහන් කළේය.
මෙතෙක් කල් වැට් බද්ද අය නොකල භාණ්ඩ වර්ග අනූ හතකට අය කිරීමට කටයුතු කර ඇති බවත් ඒ හරහා ජනතාව විශාල වශයෙන් පීඩාවට ලක්ව ඇති බවත් හෙතෙම කියා සිටී.
පවතින අර්බුදයෙන් රට ගොඩ දැමීමට තම පාලනයක් යටතේ හැකියාව ඇති බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.


0 Comments