ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට ලකුණු 77ක ජයක්

 

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට ලකුණු 77ක ජයක්

දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලානයේ දෙවැනි තරගය ද ජය ගැනීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට හැකි විය.

ඒ නැමීබියා යොවුන් කණ්ඩායම ලකුණු 77කින් පරාජය කරමිනි.

තරගයේ කාසියේ වාසිය දිනාගත් නැමීබියා නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට ආරාධනා කළේ ය.

ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට පන්දුවාර 37යි පන්දු 05ක් අවසානයේ සියල්ලන් දැවී ලබා ගැනීමට හැකි වුණේ, ලකුණු 133ක් පමණි.

ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වු සුපුන් වඩුගේ නොදැවී ලකුණු 56ක් ලබා ගත්තේ ය.

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට ප්‍රබල අභියෝගයක් එල්ල කල සැකීයෝ වෑන් කඩුලු 04ක් දවා ගත්තේ ය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නැමීබියා යොවුන් කණ්ඩායමට පන්දුවාර 27ක් අවසානයේ සියල්ලන් දැවී රැස්කර ගැනීමට හැකිවුණේ ලකුණු 56ක් පමණි.

එහි දී නැමීබියා එක් පිතිකරුවෙකුට හැර අනෙක් කිසිදු පිතිකරුවෙකුට ලකුණු 10 සීමාව පසුකරන්නට ශ්‍රී ලංකා යොවුන් පන්දු යවන්නන් ඉඩ ලබා නොදීමත් කැපී පෙනෙයි.

තවත් පුවත් : 


Post a Comment

0 Comments