ජාතික ජන බලවේගයේ ප්‍රධාන පෙළේ නායකයකු ලෙස කටයුතු කරන නීතිඥ ය උපුල් කුමාරප්පෙරැම මහතාට ජනාධිපති නීතිඥ ධූරයක් ලබා දී ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජවිපෙ නායක අනුර දිසානායක මහතා අතර පවතින සබඳතාවයක් මත මත යයි රාවයක් පැතිර යන්නේ ඇයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කර තිබේ.
ජනාධිපතිවරයා සහ ආණ්ඩු පක්ෂයේ මැති ඇමති පිරිසක් අතර පැති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කර ඇත.
එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් දොළවත්ත මහතා ද සඳහන් කර ඇත්තේ ජනාධිපතිවරයා සහ අනුර දිසානායක මහතා අතර ඩීල් එකක් ගැනත් සඳහන් වෙන බවයි.
කෙසේ වෙතත් ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇත්තේ ජනාධිපති නීතිඥ තනතුර දෙන්නේ දේශපාලනය මත නොව නීතිඥ දිවියේ අත්දැකීම් හා පලපුරුද්ද මත බවයි.
0 Comments