මාලිමාව දිනන බව පෙණුනු නිසා මුන් පළාත් පාලන ඡන්දය කල් දැම්මා .නගර සභා,ප්‍රාදේශීය සභා ඡන්දය නොතියා ඒව කරගෙන යන්න ක්‍රමයක් නීතියේ තියෙනව.දැන් කොමසාරිස්වරු පත්කරගෙන නගර සභා,ප්‍රාදේශීය සභා සියල්ල කරගෙන යනව.පළාත් සභා ආණ්ඩුකාරවරු පත්කර ගෙන දුවන්න පුළුවන් .නමුත් ජනාධිපතිවරයකු නොමැතිව එක දවසක්වත් මේ රටේ පාලනය ගෙනයන්න ක්‍රමයක් අපේ ව්‍යවස්ථාවේ නෑ.ඒ නිසා සිටින ජනාධිපතිවරයාගේ කාලය ඉවර වෙන්න පෙර ජනාධිපතිවරයකු පත්කර ගත යුතුමයි .
දැන් කථාවක් හදනවා රනිලා රාජපක්ෂලා මොනවහරි වෙට්ටුවක්,වංගුවක් දාල ජනාධිපතිවරණය නොතිය ඉඳීවි කියල.එහෙම දෙගිඩියාවක් ජනතාව තුල ඇති කරන්න හදනව.එම දෙගිඩියාව නැති කරන්න මේ රටේ පීඩිත හා ප්‍රගතිශීලී ජනතාව සූදානම් කරන්න ඕන .මම කියනව ජනාධිපතිවරණය ස්ථිරවම එනව,පීඩිත පංතිය අතට බලය ගන්න සංවිධානය වෙන්න කියා සියල්ලන්ගෙන් ඉල්ලනවා .ඔහු මේ අදහස් පළකළේ මීගමුවේ පැවති ධීවර වෘත්තිය සමිති සම්මේලනයකදීය.
තවදුරටත් අදහස් දැක්වූ ඔහු පැවසුවේ ලබන නොවැම්බර් 18 දින වනවිට රනිල්ට බලයේ ඉන්න බෑ.නොවැම්බර් 18 විධායක බලය ක්‍රියාත්මක කරන නව ජනාධිපතිවරයකු රටට සිටිය යුතුමයි.නැතුව රටට යන්න බෑ .ජනාධිපතිවරයකු නොමැතිව රට ගෙනියන ප්‍රතිපාදන ව්‍යවස්ථාවේ නෑ. ඒ නිසා නොවැම්බර් 17 ට කලින් ජනාධිපතිවරණය පැවැත්විය යුතුයි .අගෝස්තු මස ඒ සඳහා නාමයෝජනා කැඳවිය යුතුමයි .
මේ රටේ ජනතාවට ගොඩක් ඇරියස් තියෙනව මුන් එක්ක බේරාගන්න .උඹල මේ රට කොල්ල කෑව. ඒ කොල්ලකාපුව පවරගන්න තියෙනව .මේ සඳහා පීඩිත හා ප්‍රගතිශීලීන්ගේ බලයක්,පාලනයක් මේ රටට අවශ්‍යයි. වෙන උත්තරයක් නෑ .යනුවෙන් ඔහු පැවසීය .
0 Comments