අපේ රටේ තියෙන්නෙ වෙන්දේසිකාර ආණ්ඩු ! පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි

 

මේ වසර ජයග්‍රාහී වසරක් කර ගන්න ඕන නම් ජනතාව අවංක ,බුද්ධිමත් ,දූෂිත නැති පිරිසක් සමඟ පෙළගැසිය යුතුයි .එවැනි දේශපාලන පරමාදර්ශී චරිත දැන් රටේ නෑ.අපේ රටේ මොන රජයක් පත්වුනත්  වෙන්දේසිකාර ආණ්ඩු පිහිටුවන්නෙ.සියලු සම්පත් විකුණනවා .අධිවේගී මාර්ග  ටිකත් ජාත්‍යන්තර සමාගම් වලට දේවි.අද මුහුණ දෙන්න සිදුවෙලා තියෙන්නෙ  ජීවිත්වීමේ සටනටයි.ඒ නිසා රටක් හැටියට ,ජාතියක් හැටියට හිතන්න ඕන ප්‍රශ්න පැත්තකට දාල අපව හිරකරල තියෙනව ජීවත්වීමේ අරගලයක් වෙත.ජනතාවට හිතන්න පතන්න වෙලාවක් නැති කරල තියෙනව .ඒ අතරෙ පක්ෂ මැතිවරණ සඳහා ශක්තිමත් කරනව.මිනිසුන්ගේ ගෙල සිරකරල තියෙන්නේ .ලෝකයේ මොන  රටක්ද වරාය ,ගුවන්තොටුපලවල්, මුහුද විකුණන්නෙ.ලෝකයේ රටවල් දිහා බැලුවාම මේ වගෙ වංචනික විදියට වැඩ කරපු ආණ්ඩු ,පාලකයො කොහේවත් නෑ .3% ක්වන දේශපාලකයො මේ අර්බුදය අස්සෙ හොඳට ගොඩනැගෙනව.මෙහෙම  විකුණුවාම අපේ දරුවනට මොනවද ඉතුරු වෙන්නෙ .උන්වහන්සේ මේ අදහස් පළකළේ අද හිරු රෑපවාහිනිය සමග කළ සම්මුඛ සාකච්ඡාවකදී ය.

   තවදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ මේ ව්‍යසනයෙන් මිනිස්සු ගලවා ගන්න ඕන .අවංක පිරිසකට මේ රට භාරදෙන්න ඕන .ජාතික ජනබලවේගය වුවත් මැතිවරණ දිහා බලාගෙන ඉන්නව මිසක් රට ගැන ,රටේ සම්පත් විකිණීම ගැන කථා නොකරන්නේ ඇයි?පරණ සටන් වැඩක් නෑ.අද තිබෙන සමාජ ප්‍රශ්න වලට කෝ සටන්.ඒ අයගෙ ජාත්‍යන්තර සබඳතා අපි දන්නෙ නෑ .අපිට දැන් කාවවත් විශ්වාස නෑ .අධිරාජ්‍යවාදීන් බලන්නෙ ඔවුන්ගේ බේබි කෙනෙක් මෙහේ ස්ථාපිත කරන්න .කවුරුවත් සටන් කළයුතු  දේට සටන් කරන්නේ නෑ,ජාතික සම්පත් ටික බේරගන්න කවුද සටන් කරන්නෙ.

ඒ නිසා මේ රට රැකගන්නෙ කොහොමද කියන එකයි තිබෙන ප්‍රධාන ප්‍රශ්නය .

ඡන්දෙ දෙන්න කෙනෙක් නෑ .ජනතාව රවටල මේ පීඩනය අස්සෙ බලය ලබා ගන්නෙ කොහොමද කියලයි පක්ෂ අතර  සටන තියෙන්නේ .ඒනිසා මේ රට බේරාගන්න තිබෙන අවසාන අවස්ථායි එළඹිලා තියෙන්නේ .දෙවෙනි නිදහස් අරගලය අපි පටන් ගත යුතුයි .සාම්ප්‍රදායික දේශපාලනයට මම නෑ .ඒත් මේ විනාශයට එරෙහිව අත්වැල් බැඳගන්න ඉස්සරහට එනවා.මේ රට දැන් අයිතිකාරයෝ නැති රටක් වෙලා.මේක අයිති මේ රටේ මිනිස්සුන්ට .බෝඩිං කාර⁣යො වගෙ ඉන්න එපා.සියලු ජාතීන් එක්වෙමු.කඳුළු නැති ,සුසුම් නැති හදවත් දකින්න පුළුවන් රටක් නිර්මාණය කිරීමට පෙරට එන්න කියා ඉල්ලනවා.අපි ඒ සටනේ පෙරමුණේම ඉන්නවා..

Post a Comment

0 Comments