රටටම කෑම එයි.. සම්බා නැවක් මග..

 



ලබන 21 වැනි දාට පෙර කීරි සම්බා මෙට්ට්‍රික් ටොන් 50000 ක් ආනයනයට කිරීමට පියවර ගන්නා බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මහතා පැවසීය.

එම කාලය තුළ ඉන්දියාවෙන් සහල් ආනයනය කිරීම අසීරු බව පැවසීය.

එහෙත් එම කාලය තුළ යම් ප්‍රමාණයක් හෝ කීරි සම්බා සහල් මෙරටට ගෙන ඒමට උත්සාහ කරන බව එහිදී පැවසීය.

ආනයනික කීරි සම්බා කිලෝග්‍රෑම් 01 ක් රුපියල් 235 ක මිලකට අළෙවි කිරීමට බලාපොරොත්තු වෙයි.

මේ අතර අද (02) හෝ හෙට (03) කීරි සම්බා සහල් තොගයක් මෙරටට ගෙන එන බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පැවසීය.

කීරි සම්බා කිලෝග්‍රෑම් 50000 ක් මේ වනවිට ගෙන ඒමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Post a Comment

0 Comments