ජනතා අරගලය පීලි පැන්නවීම හා මැතිවරණ මිරිඟුව !

 


රනිල් රාජපක්ෂ ආණ්ඩුව IMF  කොන්දේසි ඉටුකිරීම සඳහා රාජ්‍ය ව්‍යවසායන් විකුණා දැමීමටත්,VAT බද්ද  පනවා පොදු ජනතාවට ජීවත්වීමට නොහැකි තත්ත්වයක් මේ වනවිටත්  උදාකර ඇත .මේ හේතුවෙන් ඉදිරියේදී ජීවත්වීමේ අයිතිය   ඉල්ලා නැවත ජනතාව අරගල මාවතට පිවිසීම කිසිවෙකුට නතර කළ නොහැක .

මේ අතර රාජ්‍ය ව්‍යවසායන් විකිණීමට එරෙහිව විදුලි බල,බැංකු ,රක්ෂණ ,තැපැල් ,ටෙලිකොම් හා තෙල් සංස්ථා වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුණ විකිණීම නතර කරන තුරු අඛණ්ඩ අරගලයක් දියත් කිරීමට මේ වන විටත් එකඟතාවයකට පැමිණ ඇත .මෙම තත්ත්වය  ධනපති පංතිය තිගැස්මකට  ලක්කර ඇති අතර ,2022 වැනි අරගලයක් නැවත මතුවිය හැකි බවට පුරෝකතනය  කර ඇත.එබැවින් එවැනි තත්ත්වයක් නැවත ඇතිවීම වැළැක්වීමට ගත යුතු පියවර පිළිබඳව ආණ්ඩුවේ හා ජාත්‍යන්තර ධනේෂ්වර බලවේග වල දැඩි අවධානයට ලක් වී ඇති   බව වාර්ථාවේ .

රනිල් ජනාධිපති ලබන වසරේ මැතිවරණ කීපයක්ම පවත්වන බව පුන පුනා පවසන්නේ ජනතාවගේ අවධානය අරගල මාවතෙන්  ඉවතට ගැනීම සඳහා බව දේශපාලන විශ්ලේෂකයෝ පවසති.

ජනතා අරගලය හා පංති සටන පීලිපැන්න වීම සඳහා රනිල් ඇතුළු ආණ්ඩුවට තිබෙන හොඳම උපාය මාර්ගය මැතිවරණ මිරිඟුව පස්සේ ජනතාව ඇදගෙන යාම බව ඔවුන් දනී.ඇත්තටම මේ වන විටත් සටනට බැස ඇති වැඩකරන ජනතා බලවේගයට සජබ හෝ ජවිපෙ විපක්ෂය ලෙස නායකත්වය නොදෙන්නේ ජනාධිපතිවරණයට හෝ මහා මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට අමුඩ ගසමින් සිටින නිසා බව දේශපාලන විචාරකයන් පවසයි .එහෙත් වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුණ මැතිවරණයට පෙර ආණ්ඩුව විකිණීමට අර අඳින රාජ්‍ය සම්පත් බේරා ගැනීම සඳහා පක්ෂ නොතකා දැවැන්ත උද්ඝෝෂණ ක්‍රියාමාර්ගයකට පිවිසීමට දැනටමත් තීරණය කර තිබේ .

විමර්ෂණ...........

Post a Comment

0 Comments