යාපනය දිස්ත්‍රීක්කයේ සහ වව්නියාව දිස්ත්‍රීක්කයේ සංවිධානාත්මකව ගෙවල් කොල්ලකෑ කාන්තාවක් ඇතුලු 08 දෙනෙකුගෙන් යුත් කොල්ල කල්ලියක් පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
යාපනය වැල්වැටිතුරෙයි ප්‍රදේශයේදී පොලිස් නිලධාරියෙකුගේ නිවසක් ඇතුලු නිවෙස් 05 ක් පසුගිය දෙසැම්බර් 20 වනදා සිට කොල්ල කල්ලියක් විසින් රණ් පවුම් 16 කට අධික පමාණයක් කොල්ලකා පලා ගොස් තිබුණි.
පසුව එහිදී කන්කසන්තුරෙයි පොලිස් අපරාධ විමර්ෂන ඒ්කකයේ නිලධාරීන් පිරිසක් විසින් පසුගිය දින කිහිපය තුලදී සිදුකරන ලද විශේෂ පරික්ෂණයකදී කාන්තාවක් ඇතුලු සැකකරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඒම සැකකරුවන්ගෙන් සිව් දෙනෙකු යාපනය දිස්ත්‍රීක්කයේද, දෙදෙනෙකු මන්නාරමේ සහ මුලතිව් දිස්ත්‍රීක්කයේ අනෙක් සැකකරු පදිංචි බවට අනාවරනය වෙයි.
ඒහිදී සැකකරුවන් විසින් කොල්ලකා ස්වර්ණාභරන ආයතනයන් වෙතට උගස්කරන ලද රත්තරන් පවුම් 16 ක අධික ප්‍රමාණයක් පොලීසිය විසින් සොයාගත් අතර සැකකරු පේදුරුතුඩුව අධිකරණයට ඉදිරිපත් කිරීඹට පියවර ගෙන ඇත.
මේ අතර වව්නියාව සෙට්ටිකුලම් පොලිස් වසමේදී යතුරුපැදිනේ ගොස් රන්මාල කඩනා කොල්ල කරුවෙකු වව්නියාව පොලිස් කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
ඒහිදී සැකකරු සතුව තිබී කොල්ලකන ලද රණ් පවුම් 10 කට ආසන්න වටිනාකමින් යුතු රන් මාල සහ කොල්ලකෑම් සඳහා යොදාගත් යතුරුපැදියද කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක අලගියවත්ත මහතා ඇතුලු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන සැකකරු වව්නියාව අධිකරණයට ඉදිරිපත් කිරීඹට පියවර ගෙන ඇත.
0 Comments