"ශ්‍රේෂ්ඨ මහින්ද යුගය" හා පොලිස්පති දේශබන්දුට කඩේ යෑම



 මේ සහෝදරයා ..මම හොඳ වැඩකට කවදත් හොඳයි කියනවා. නරක වැඩේට මරණ තර්ජන ආවත්,එල්ලුම් ගස් ගියත්,හිරගෙදරට ගාල් කලත් මම නම් විරුද්ධයි ඒ මගේ හැටි. මම මහින්ද ජනපති ගේ ආණ්ඩුව කාලෙත් එහි වැරදි තදින්ම විවේචනය කලා. ඒ නිසාම මට හරි ආර්ථිකයක් හදාගන්න බැරිවුනා.ඒත් මම,එදා කියපුවා හරි නිසා අද හැම එකාම පරාජය බාරගෙන "මීක්" නැතිව ඉන්නවා. එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය,හිටපු ජනාධිපතිට මාව පේන්න බැරිව හිටියේ.නයාට අඳුකොළ වගේ,.ඒ පදික වෙළඳුන්ගේ මර්ධනයට එරෙහිවූ නිසා බව නොදන්නා කෙනෙක් නැහැ. ඒ ගෝඨාභයට කේලම් කියපු ,කොළඹ බාරව සිටි ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකට විරුද්ධව ගෙන ගිය දැවැන්ත පෙලපාලිය හේතුවෙන්..පසු කාලීනව ඔහුන් විසින්ම මා නිවැරදිව තේරුම් ගත්තා . ඒ නිසාම දුක්විඳි පදික වෙළඳ සමාජයට,,, කිසි කෙනෙකු නොකල, මින් ඉදිරියට කාටවත් කල නොහැකි විශාල මෙහේවරක් කිරීමට මට  හැකිවූ බව මහාපොලොව දනී......                                       මේ ටික කෙටියෙන් මම මතක් කලේ පොලිස් මර්ධනට එරෙහිව මම දාහස් ගනනක් අරන් පාරට බැස්ස නිසා.ඒ නිසා කවදත් අපි හරි දැක්ම අගය කලා. එක එක කාලෙට එන, එක,එක නායකයෝ වෙනත්,වෙනත් ක්‍රමයන් දියත් කලා. සමහර අය ඔහුන්‍ට ආවේනික ක්‍රම භාවිතා කලා. එදා ඉන්දියාවෙන් ඇවිත් පරිප්පු උඩින් දානකොට වඩමාරච්චි  මෙහේයුම නැවැත්තුවා. ඒ නිසා විශාල යුධ වීරයන්ට ( කොබ්බෑකඩුව,විජය විමලරත්න,ජානක , කැලැරන්ස් වැනි) සිය ජීවිත,අහිමිවුනා.වැරදි යුධ තීන්දු,උපායන් නිසා දේශපාලකයන්ට සිය ජීවිත පවා අහිම් වුනා.  ( ජනපති රණසිංහ ප්‍රේමදාස ,ලලිත් ඇතුලත් මුදලි, ගාමිනී දිසානායක,සී. වී ගුණරත්න,ජෙයරාඩ් ප්‍රනාන්දු වැනි) අය සිය ජීවිතවලින් වන්දි ගෙවුවා..  මේ අත්දැකීම් ප්‍රායෝගිකව තේරුම් ගනිමින්, සිටී 

                " ශ්‍රේෂ්ඨ මහින්ද යුගය " 

නිවැරදී තීන්දු ගත් නිසා රණවිරුවන්ද, මවුබිමද, ජනයාද,එතුමන්ලාද ආරක්ෂා වී යුද්ධය අවසන් කලා....                 ඒහා සමානවම පාතාලය නැතිකිරීම,කුඩු මර්ධනය කිරීමට "සුදු වෑන්" චෝදනා ආවද ආරක්ෂක ලේකම් ගෝඨාභය මෙහේයුම දියත් කලා.ඊට විරුද්ධ නැගී ආ බලවේග චෝදනා කලා. මැගසින් බන්ධනාගාර සිදුවීම් 2015 පරාජයට ප්‍රධාන කාරනාවක් වුනා. අද ඒ චෝදනා කල අය නැවතත් නැගිට  වත්මන් "මෙහේයුම" ගැන බොරු අනුකම්පාවකින් චෝදනාවන් එල්ල කරනවා. ඒ තමයි රටට,දරුවන්ට ආදරේ නැතිවුන්ගේ හැටි. ඒ ගතිය හමදාමත් තැටියේ රත් කරමින් තිබෙනවා.ඒ නිසාම වුන්ගේ මේ රොටිය කර වෙන්නෙත් නැහැ.තැම්බෙන්නෙත් නැහැ.කාල ඉවරකරන්නත් බැහැ.ඒ තමයි  2015 තම්බන්න ගත්තු ජාතික සභා රොටියේ හැටි .... කියනවා වගේ ඇත්තකුත් තියෙනවා. හැමදාකම ඇල්ලුවේ කුඩු බොන ලෙඩ්ඩු .ඒකට මම ප්‍රසිද්ධියේම විරුද්ධයි.දැන් මෙහේයුම තෝරු,මෝරුන්ටයි. ඔහුන්ගේ දේපල කොහෝමද හොයාගත්තේ. නියමාකාරව හොයාගත්තු ක්‍රමයක් අධීක්ෂණය වෙන්නේ නැතිනම් රාජසන්තකයි.රාජසන්තකයි.හොඳ නැද්ද වැඩේ.එහේමනම් මේ ක්‍රියාන්විතය ඉදිරියට ගෙනයන පොලිස්පති දේශබන්දුව ධෛර්යමත් කලයුතුයි එතුමාට ආශිර්වාදය කලයුතුයි. එය කඩේ යෑමක් නොව.එය ලකුණු දමා ගැනීමක්ද නොව. අපේ අනාගත දූ දරු පරම්පරාව වෙනුවෙන් වූ දැවැන්තම සමාජ වගකීමකි. ඒ දැන දැනත්,මෙහේයුමේ වාර්තා දිනපතා විද්‍යුත් ,මුද්‍රිත මාද්‍ය වලින් කියවමින්,දකිමින්,බලමින්, අධ්‍යනය කරමින්,සත්‍ය දැක දැක ඊට විරුද්ධව කියවන,ලියන,දකින ඔල්මාදවලින් රටක්,ජාතියක් ,පරපුරක් බේරාගත නොහැකි බව, අන්ධ,ගොලු,බිහීරි ,මෝඩ ප##RA හැත්තට නොතේරීම ජාතියේ අවාසනාවකි.🙏🙏

මහින්ද කහඳගම

Post a Comment

0 Comments