ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණ සඳහා ඉදිරිපත් වීමේදී නිදහස් ජනතා සන්ධානය කුමන ආකාරයේ උපාය මාර්ගික සැලැස්මක් සකසා ගතයුතුද යන්න පිළිබඳ එම සන්ධානයේ සියලු සන්ධානගත පක්ෂ සහ කණ්ඩායම් අතර සිදුකෙරෙන සාකච්ඡා යටතේ විශේෂ සාකච්ඡාවක් ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය සමග පසුගියදා කොළඹ 08,ආචාර්ය ඇන්.එම් පෙරේරා මාවතේ පිහිටි ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේදී පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය වෙනුවෙන් එහි සභාපති ඩිව් ගුණසේකර , ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී. වීරසිංහ , නිදහස් ජනතා සන්ධානයේ ප්‍රධාන ලේකම් තිලංග සුමතිපාල ඇතුළු එම සන්ධානයේ ප්‍රධාන පෙළේ දේශපාලන නායකයන් කිහිපදෙනෙක්ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.
0 Comments