යුක්තිය මෙහෙයුම ඇතුළු මෙහෙයුම්වලදී අත් අඩංගුවට ගන්නා මත්ලෝලීන් පුනරුත්ථාපනය කිරීම සඳහා පොලිස් වසම් මට්ටමින් පුනරුත්ථාපන වැඩසටහන් ක්‍රියාත්මක කිරිමට පොලිස් දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ.
දැනට ශ්‍රි ලංකාව තුල ක්‍රියාත්මක වන පුනරුත්ථාපන මධ්‍යස්ථාන වලින් වර්ෂයකට පුනරුත්ථාපනය කලහැකි මත්ලෝලීන් සංඛ්‍යාව අල්ප බැවින් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සිටින පුහුණු සාමාජිකයින් පොලිස් ස්ථාන සමඟ සම්බන්ධ කර මෙම වැඩ පිළිවෙල ක්‍රියාත්මක කිරීමට නියමිතය.
යුක්තිය මෙහෙයුමට සමගාමිව මෙම වැඩපිළිවෙලෙහි සැලසුම් සකස් කර ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස අවසන් සතිය වන විට දිවයින පුරා පොලිස් ස්ථාන මට්ටමින් තෝරාගන්නා ස්ථානවල පුනරුත්ථාපන වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට පොලිසිය අපේක්ෂා කරයි.
මෙම වැඩපිළිවෙල සකස් කිරීම පිළිබඳව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති ඇතුළු නිලධාරින් සමඟ විශේෂ සාකච්ඡාවක් පොලිස් මුලස්ථානයේ දී වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ අවස්ථාවේ මෙම තීරණයන්ට එළඹී බව පොලිස් මුලස්ථානය සඳහන් කරයි.
මෙම සාකච්ඡාවට අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති ශාක්‍ය නානායක්කාර, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සිරිසේන හේරත් සහ දැනටමත් මෙවැනි පුනරුත්ථාපන වැඩසටහන් වල නියැලෙන මිත්‍රා ශ්‍රි කරුණානායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි වුහ.
0 Comments