නව වසරේදී රට බේරාගනිමු..- අගරදගුරු අමුතු සුබ පැතුමක…

 

දූෂිත, නීතිගරුක බවක් නැති, අනාගත දර්ශනයක් නැති පාවෙන බෝට්ටුවක් සේ එහා මෙහා යමින් ඇති රට නිදහස් කර ගැනීමේ අවස්ථාව නව වසරේදී ලැබෙනු ඇති බවත් ජනතාව ඒ නිසි ලෙස භාවිතා කළ යුතු බවත් කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන් සඳහන් කරති.

නව වසර විශාල ප්‍රමාණයක් දිළින්දන් වන ජනතාවගේ ප්‍රශ්නවලට විසදුම් සැපයෙන ආශිර්වාදවත් වසරක් වේවායි ප්‍රාර්ථනා කරන බවද එතුමන් කියා සිටිති.

2024 නව වසර පිළිබඳ විශේෂ ප්‍රකාශයක් කරමින් රදගුරු හිමියන් මේ බව පැවසූහ.

Post a Comment

0 Comments