රනිල් , පොහොට්ටු ආණ්ඩුවේ ඇතුලත ගැටුම උග්‍රවේ!



 රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව යැපෙන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු බලය මතය.එහෙත් ඊයේ රනිල් දිනවන ලංසාගේ නව සංධානයේ මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීමේ උත්සවයේදී ලන්සා මන්ත්‍රීවරයා පවසා ඇත්තේ තම සංධානය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමඟ සිට නොගන්නා බවයි.

නමුත් පාර්ලිමේන්තුවේ පොදු ජන පෙරමුණේ වැඩිම මන්ත්‍රීවරු පිරිසක් නියෝජනය කරන සංධානය  2024 පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය  ඉලක්ක කරගෙන රනිල්ගේ නායකත්වයෙන් ගොඩ නගන බව ඔහු  පවසා ඇත .ලන්සා මන්ත්‍රීවරයා මෙසේ පවසන්නේ රනිල්  මීළඟ ජනාධිපති කරවීම සඳහා ආණ්ඩුවේ සිට සහාය ලබාදෙන කාංචන ,සේමසිංහ,රණතුංග ඇමතිවරුන්ගේද අනුදැනුම හා මෙහෙයවීම මත බව දේශපාලන විචාරකයින්ගේ මතයයි.

මේ නිසා ධම්මික පෙරේරා පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් ගෙන ඒමට කටයුතු කරන ඛැසිල් පාර්ශවය හා රනිල්ට සහාය දෙන පොහොට්ටු පාර්ශවය අතර නැවත අර්බුදය උත්සන්න වීඇති බව පැවසේ.

මුලදී රනිල් පොහොට්ටු අතර ගැටුම පැවතියේ බලතල බෙදා ගැනීමේ (ඇමතිකම් )හේතුව මතය.

කෙසේ වුවද මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීමේ උත්සවයට ඊයේ පැමිණ ඇත්තේ  අනුරයාපා,හා ප්‍රියංකර ජයරත්න පමණි.එම අවස්ථාවට වෙන කිසිවෙකු සහභාගී නොවීමට වගබලාගෙන ඇත්තේ මීළඟ මැතිවරණය එළඹෙන තෙක් වෙනත් රැස්වීම්  වලට සහභාගී නොවීමට ගෙන ඇති තීරණයක් නිසා බව කියවේ.

Post a Comment

0 Comments