උත්තර ලංකා ,ඩලස් ,දයාසිරි , තිලංග ,රොෂාන් ඇතුලත් නව දේශපාලන පෙරමුණක් !


රනිල් ,රාජපක්ෂ ආණ්ඩුවේ රට විකුණන ,ජනතාව ජීවන බරින් හෙම්බත් කරන ,මර්ධනකාරී වැඩ පිළිවෙලට විරුද්ධව උත්තර ලංකා සභාගය ප්‍රමුඛ වූ සංධානයක් පිහිටුවීමට අදාළ සාකච්ඡා ඉදිරි සතියේදී  අවසන් කරන  බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අද මාධ්‍ය වෙත පැවසීය .

උත්තර ලංකා සභාගයේ සාමාජික පක්ෂ සහ තවත් අලුත් බලවේගයන් ඇතුලත්ව නව දේශපාලන සංධානය පිහිටුවීමට තීරණය කළ බවත්,ඉතා කඩිනමින් නව දේශපාලන පෙරමුණ කරලියට ගෙන ඒමට කටයුතු සූදානම් කරන බවත්  ඔහු පැවසීය .

 මේ පිළිබඳව අදහස් දැක්වූ එක් වාමාංශික විචාරකයකු පැවසුවේ කළයුතු වන්නේ  මැද මාවතේ දේශපාලන  ගමන මේ වනවිටත්  අවසන් වී ඇති බැවින්  මැද මාවත පසුපස පැමිණි ජනතාව එක්සත් බලයක් ලෙස ආණ්ඩුවට එරෙහිව පෙළගැස්විම බවත්.මේ සඳහා  රනිල් ප්‍රමුඛ ආණ්ඩුව ට  විරුද්ධව මාලිමාව ප්‍රමුඛ  වාමාංශික හා ප්‍රගතිශීලී සියලු  පක්ෂ එක්ව පුළුල් ම  සංධානයක් ගොඩ නැගීම හොඳම විකල්පය බවයි ඔවුන් සඳහන් කරන්නේ .එසේ නොවුන හොත් දක්ෂිණාංශික බලවේගය නැවත බලයට ඒමේ  අනතුරක් පවතින බව ඔවුන් පවසයි .

තවත් පුවත් : 

Post a Comment

0 Comments