නව ලිබරල්වාදය පදනම් වූ නූතන අධිරාජ්‍යවාදයේ ගැඹුරු අර්බුදය නිසා ඔවුන්ගේ වෙළෙඳපළ ක්‍රියාදාමය වටයෙන් වටය බිඳවැටීම සිදු වෙමින් තිබේ.
නූතන අධිරාජ්‍යවාදයේ අසාර්ථකත්වය හේතුවෙන් එයට එරෙහිව නව මාවතක් සෙවීමට ලොවපුරා ජනතාව නැගී සිටිමින් විවිධ මාදිලියේ අරගලයන්හි නිරතව සිටී.
සෝවියට් දේශය බිඳ වැටීමෙන් පසුව සීතල යුද්ධය අවසන් විය. එතැන් පටන් පැවතියේ ඒකද්‍රැව ලෝකයකි. ඉන් පසුව සිදුවූයේ ව්‍යාජ හේතු ඉදිරිපත් කරමින් ඇමරිකාව ප්‍රමුඛ අධිරාජ්‍යවාදීන්ට අවනත නැති රාජ්‍ය නායකයන් ඝාතනය කිරීමත් නැතහොත් කුමන්ත්‍රණ මගින් පලවා හැරීමත්ය. අනතුරුව ඔවුන්ට අවශ්‍ය රූකඩ පාලකයින් පත්කරගෙන නඩත්තු කිරීමත්ය.
අද වනවිට එම ක්‍රියාකලාපයන්ට එරෙහිව ජනතාව තියුණුව නැගීසිටීම නිසා නව ආර්ථික කලාප බිහිවෙමින් ලෝකයේ බහුද්‍රැව තත්ත්වයක් නිර්මාණය වෙමින් තිබේ. මෙයට හේතුව වූයේ චීනය ,රුසියාව ,ලතින් ඇමරිකාව ,දකුණු අප්‍රිකානු හා මැද පෙරදිග කලාපයේ ජනතාව අධිරාජ්‍යවාදයට විරුද්ධව ක්‍රියාත්මක වීමය.
වසර 500 කට පමණ පසුව ආසියානු ආර්ථිකය ලෝක ආර්ථිකයේ පෙරගමන්කරු වශයෙන් ඉදිරියට පැමිණීමේ ආසන්න පෙරනිමිති පෙන්නුම් කරයි. එමගින් යටත්විජිත භාවයෙන් නිදහස දිනාගත් රටවල ජනතාවට දුගීභාවයෙන් මිදෙන ඉදිරි මාවතක් විවරවනු ඇත .
BRICS සංවිධානය අන්තර් මහාද්වීපික දේශපාලන ,මූල්‍ය හා සමාජ බල සම්බන්ධතාවයේ මීළඟ වෙනස්වීම් පෙන්නුම් කරනු ඇත .මෙය ඩොලර් මූලික කරගත් මූල්‍ය බල මධ්‍යස්ථාන සිදුරුකරගෙන ගමන්කළ හැකි විභවයක් ලෙස නිර්මාණය වනු ඇත. විශේෂයෙන් BRICS යටතේ ගොඩනැගෙන බහුපාර්ශවීය නව සංවර්ධන බැංකුව (New Development Bank) එම පියවරේ තීරණාත්මක සංධිස්ථානයකි..
----විමර්ශක---
තවත් පුවත් :
0 Comments