අමෙරිකාවේ වොෂිංටන් පිහිටි ඊශ්‍රායල තානාපති කාර්යාලය ඉදිරිපිටදී සිය සිරුරට ගිනිතබා ගත් පුද්ගලයා සම්බන්ධයෙන් තොරතුරු හෙළිදරව් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
ඊයේ (25) දහවල් එම පුද්ගලයා සිය සිරුරට ගිනිතබා ගෙන ඇත්තේ ගාසා තීරයේ සිදුකෙරෙන යුද මෙහෙයුම් වලට විරෝධය දක්වමින් බව සඳහන් ය.
ඔහු අමෙරිකානු ගුවන් හමුදා භටයෙක් බව ට හඳුනාගෙන ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතළ බව වාර්තා වෙයි.
"පලස්තීනය නිදහස් කරනු" යනුවෙන් කෑ ගසමින් එම පුද්ගලයා සිරුරට දියරයක් හලාගෙන ගිනි තබාගෙන තිබුණි.
තානාපති කාර්යාලය අසල සිටි අමෙරිකානු බුද්ධි අංශ නිලධාරීන් විසින් ගින්න නිවා එම පුද්ගලයාව රෝහල්ගත කිරීමට කටයුතු කළේය.
තවත් පුවත් :
0 Comments