ඉදිරියේදී රටේ ඇතිවන ආර්ථික පරිවර්තනයට අනුගත විය හැකි කාන්තා ව්‍යවසායකයින් බිහිකිරිමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ඒ සඳහා වන වැඩපිළිවෙළ මේ වන විට රජය සකස් කර තිබෙන බව කී ජනාධිපතිවරයා
ඩිජිටල් හා හරිත ආර්ථිකයෙන් කාන්තා ව්‍යවසායකයින්ට පුළුල් වැඩ කොටසක් ඉටුකළ හැකි බවත් කාන්තා ව්‍යාපාරික ප්‍රජාව බල ගැන්වීමට හැකි සෑම සහයක්ම රජය විසින් ලබාදෙන බවත් කියා සිටියේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි කොළඹ දී පැවති ‘ප්‍රතිභාභිෂේකා කාන්තා ව්‍යවසායක සම්මාන 2023” උළෙල අමතමිනි.
ශ්‍රී ලංකා කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලය විසින් සංවිධාන කළ මෙම සම්මාන උළෙලේදී විශිෂ්ට ව්‍යාපාරික කාන්තාවන් ඇගයීමට ලක් කෙරුණු අතර ඔවුන්ගේ ව්‍යාපාර වැඩිදියුණු කිරීම මෙන්ම වෙළඳපළ ප්‍රවේශය සැකසීම එහි අරමුණයි.
තවත් පුවත්
0 Comments