අනිවාර්යයෙන්ම නිර්පාක්ෂික අපේක්ෂකයා රනිල් බව රවි කරුණානායක කියද්දී, රනිල් අපේක්ෂකයා කියන්නේ සුළු පිරිසක් බව නාමල් කියයි.

ආණ්ඩුවේ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳව මේ වනවිට මත ගැටුම් ඇති වී තිබේ. රවි කරුණානායක මහතා පසුගිය 25 පැවති ජන හමුවකදී පැවසුවේ ලබන ඔක්තෝබර් මස පැවැත්වෙන ජනාධිපතිවරණයේදී අනිවාර්යයෙන්ම නිර්පාක්ෂික අපේක්ෂකයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කරන බවයි .

මේ අතර නාමල් රාජපක්ෂ මහතා පවසන්නේ වත්මන් ආණ්ඩුවේ ඇමතිධූර, රාජ්‍ය අමාත්‍ය ධූර ලබාගත් සුළු පිරිසක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විය යුතු බවට මත පළ කලත්, එය පොදු ජන පෙරමුණේ මතය නොවන බවත්, ජනාධිපති අපේක්ෂකයා කවුද යන්න නම් කරන්නේ ඡන්දය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව බවයි. මොහු මේ බව ප්‍රකාශ කළේ මහනුවර පැවති උත්සවයකට සහභාගී වීමෙන් අනතුරුවය.

දේශපාලන විචාරකයන් පවසන්නේ අවසානයේ මොවුන් සියලු දෙනා එක්ව එක් අපේක්ෂකයකු ඉදිරිපත් කරන බවයි. මොවුන්ට ඇත්තේ ප්‍රතිපත්ති පිළිබඳ ප්‍රශ්නයක් නොවන බවයි මොවුන් පවසන්නේ.

තවත් පුවත් : 

Post a Comment

0 Comments