කෙහෙලිය රඹුක්වැල්ල මහතා පරිසර අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.
රඹුක්වැල්ල මහතා ඉල්ලා අස්වීම පිළිබඳ ලිපිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යවා ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.
ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යාජ ලේඛන සකස් කර ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල් වලට බෙදා හැරීම මගින් රුපියල් කෝටි ගණනක් වංචා කිරීම සහ රෝගී ජීවිත අනාරක්ෂිත තත්ත්වයට පත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කෙහෙළිය රඹුක්වැල්ල මහතා රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙරිණි.
කෙහෙලිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස සිටියදී එල්ල වූ අදාල චෝදනා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී විශ්වාස භංගයන් ද ඉදිරිපත් කෙරිණි.
තවත් පුවත් :
- අනෙක් ආගමික සභ්‍යත්වයන් සමග නොගැටෙන එකම සභ්‍යත්වය සිංහල බෞද්ධ දැක්මයි.
- කෙහෙලිය සිංගප්පූරු ඖෂධ ඉල්ලයි.. ඔහුම ගෙනා ඉන්දීය ඖෂධ එපා කියයි..
0 Comments