අනුරලාගේ ඉංදියානු සංචාරය ගැන ආණ්ඩු පක්ෂය හා විපක්ෂය විවිධ උපහාස හා අපහාස කතා කියමින් විග්‍රහ කිරීමට පටන් ගෙන තිබේ .මේ පිළිබඳව වැඩියෙන්ම කිපී ඇත්තේ සජබ කංඩායමය.ඊට අමතරව නිමල් සිරිපාල ,නාමල් විමල් තිස්ස අත්තනායකද මොවුන් තදින් විවේචනය කර තිබණු අතර ඒවායින් සමහරක් දේශපාලන විවේචන වන අතර අනික්වා උපහාසයට ,අපහාසයට හා මඩ ගැසීමට කළ ඒවා බව පෙනේ.
සාමාන්‍යයෙන් මැතිවරණයක් ආසන්නයේ ප්‍රථමයෙන්ම ඉංදියාව මෙවැනි ආරාධනයක් කරන්නේ විපක්ෂ නායකයාටවරයාට වන අතර මෙවර එය වෙනස් වී ඇත .ඒ අනුව සජබ කෝපය සාධාරණය.
ඇත්ත වශයෙන්ම ඉංදියාව මෙවර ජා .ජ. බලවේගයට ආරාධනය කළේ මෙවර මැතිවරණ වලදි පැහැදිලි ජයක් ජාතික ජන බලවේගයට අත්වේ යයි ඉංදියාව අනුමාන කරන නිසා බව බොහෝ මධ්‍යස්ථ මතධාරීන් පවසයි .ඉකුත් ජනාධිපතිවරණ වලදි ජයග්‍රාහකයා තීරණය කිරීමේදි දෙමළ ඡන්ද තීරණාත්මක සාධකයක් වූයේ නැත.ඒ අනුව ප්‍රධාන පක්ෂ දෙක තුනටම දකුණේ මිනිසුන්ගේ පවතින දැඩි අප්‍රසාදය හේතුවෙන් ජාතික ජන බලවේගයට ජයග්‍රහණය අත්වුවහොත් ඉංදියාව ඔවුන් සමඟ කටයුතු කළ යුතුය .මේ සංචාරය රනිල් සැලසුම් කළත් කවුරු සැලසුම් කළත් ඉංදියාව දුරදිග බලා කටයුතු කර ඇත .
එහි වරදක් නැත .ඉදිරියේදී මෙහි බලයට පත්වීමට අපේක්ෂා කරන ඕනෑම පක්ෂයක් හැකි තරම් රටවල් සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ගොඩ නගා ගැනීම අත්‍යවශ්‍යය.විශේෂයෙන් ඉංදියාව හා චීනය සමඟ සබඳතා අතිශය වැදගත්ය.ජාත්‍යන්තරය කළමනාකරණය කර ගැනීම පත්වන ඕනෑම ආණ්ඩුවක ප්‍රධාන වගකීමය.එසේම කිසිම ආණ්ඩුවකට ඉංදියාවට පිටුපස හරවා කටයුතු කළ නොහැකිය.ඇමරිකාවට ගැතිව ඉංදියාවට පිටුපස හරවා කටයුතු කළ JR ට ඉංදියාව ලබාදුන් පාඩම කාටත් මතකය.
මීළඟට ඉංදියානු ව්‍යාප්තවාදය ගැන කතාවය.ජවිපෙ තුල දේශපාලන දැනුම ලබාදීම සඳහා පැවති අධ්‍යාපන වැඩපිළිවෙලේ ප්‍රධාන පියවරක් වූයේ පන්ති පහය.ඉංදියානු ව්‍යාප්තවාදය එහි එක් පංතියක්ය.ජවිපෙ නියෝජිත පිරිසගේ ඉංදියානු සංචාරය අද මහත් ආන්දෝලනයකට ලක්වී ඇත්තේ මේ ඉංදියානු ව්‍යාප්තවාදය නිසාය.
ජවිපෙ හිටපු ප්‍රධාන ලේකම් වරයෙකු වන ලයනල් බෝපගේ මේ ගැන සඳහන් කර තිබුණේ ජාතික ජන බලවේගයට මේ වනවිට ලැබී ඇති ජනප්‍රියත්වය මත ඔවුන්ගේ ඉංදීය සංචාරය සලකා බැලිය යුතු බවයි.ලංකාවේ බලය ලබා ගැනීමට අදහස් කරන ඕනෑම දේශපාලන පක්ෂයක් හැකි තරම් රටවල් සංඛ්‍යාවක් සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ගොඩනගා ගැනීම අත්‍යවශ්‍ය බව ඔහු පවසයි .
නිමල් සිරිපාල කිව්වේ රනිල්, අනුරලාගේ බ්‍රේන් වොෂ් කර ඇති බවයි.සුනිල් හඳුන්නෙත්ති මෙයට ප්‍රතිචාර දක්වමින් අපූරු කතාවක් කියා තිබුණි .රනිල්ට බැංකු හොරා කිව් නිමල් සිරිපාලලා දැන් රනිල්ගේ ඔඩොක්කුවේ සිටින නිසා රනිල් ඔයාගේ වොෂ්කළේ කොතනද කියා විමසන බවයි.
----විමර්ශක .....
තවත් පුවත් :


0 Comments