කොරියා සිහින පෙන්නා, සල්ලි ගැරූ ජනප්‍රිය නිලියකගේ සැමියෙකුට වැඩ වරදී..

 


මේ දවස්වල හැමෝම කැමතියි විදෙස් රටක සංචාරය කරන්න..

ඒ වගේම තමයි , ඒ හීනය වෙනුවෙන් ගොඩක් දෙනෙක් ඕනම දෙයක් කරන්න සූදානමින් තමයි ඉන්නේ..

මේ කියන්න යන්නෙ අන්න ඒ වගේ සිදුවෙච්ච තවත් ජාවාරමක් ගැන කතාවක්.. ඇය අපේ රටේ ගොඩක් දෙනෙක් හඳුනන රංගන ශිල්පිනියක්.. මේ ජාවාරමට සම්බන්ධ වෙලා තියෙන්නේ ඇගේ සැමියාලු..

කොහොම වුණත් මේ සෙල්ලම් හැමදාම කරන්න නම් ඔහුට බැරි වෙලා.. කොරි­යානු රැකියා ලබා­දෙන බව පවසා රුපි­යල් ලක්ෂ 30ක මුද­ලක් වංචා කළ බව කියන සිද්ධි­යක් සම්බ­න්ධ­යෙන් විම­ර්ශන පව­ත්වන බව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව කොටුව මහේ­ස්ත්‍රාත් තිළිණ ගමගේ මහ­තාට ඊයේ දැනුම්දී තිබුණා..

දමිතා අබේ­රත්න සහ ඇයගේ සැමියා කොරි­යානු රටට යවන බව පවසා රුපි­යල් ලක්ෂ 30කට අධික මුද­ලක් වංචා කර ඇතැයි අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව අධි­ක­ර­ණ­යට දන්වා සිටි අතර ඔවුන් දෙදෙ­නාට බොර­ලැ­ස්ග­මුව පොලි­සි­යට පැමි­ණී­මට දැන්වු­වත් එය නොස­ලකා හැර ඇති බැවින් අධි­ක­ර­ණයේ පෙනී සිටින ලෙස නොති­සි­යක් නිකුත් කරන ලෙස අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව අධි­ක­ර­ණ­යෙන් ඉල්ලා සිටි­යා... එම දෙදෙනා සැක­ක­රු­වන් ලෙස නම් කර තිබේද යන්න කොටුව මහේ­ස්ත්‍රා­ත්ව­රයා ඒ අව­ස්ථාවේ විමසා සිටි­ය..

“මෙතෙක් සැක­ක­රු­වන් ලෙස නම් කර නැහැ. විම­ර්ශන අව­ස්ථාවේ සිටින්නේ. පොලි­සි­යට පැමි­ණෙන ලෙස දැනුම් දුන්නද පැමි­ණියේ නැහැ. අධි­ක­ර­ණයේ පෙනී සිටි­න්නැයි නොතී­සි­යක් නිකුත් කරන්න“ යැයි පොලිස් නිල­ධා­රීන් කොටුව මහේ­ස්ත්‍රා­ත්ව­ර­යා­ගෙන් ඉල්ලා සිටි­යේය. “සැක­ක­රු­වෙක් ලෙස නම් කර නැති නම් නොතීසි නිකුත් කරන්න බැහැ. නිසි ආකා­ර­යෙන් නියෝග ඉල්ලන්න. “ යැයි කිය­මින් මහේ­ස්ත්‍රා­ත්ව­රයා එම ඉල්ලීම ප්‍රති­ක්ෂේප කළේය.

දිනමිණ ඇසුරෙන්.. 

තවත් පුවත් : 


Post a Comment

0 Comments