විදේශගතව සිටින බැසිල් රාජපක්ෂ යළි පැමිණි විගස ඉදිරි මැතිවරණ වලට අවශ්‍ය තීන්දු අරගෙන ක්‍රියාත්මක කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් .එම්.චන්ද්‍රසේන අද දිවයිනට පවසා තිබුණි .
එසේම ඔහු පවසා තිබුණේ බැසිල් රාජපක්ෂගේ ක්‍රියාකාරිත්වයට සහ සංවිධායකත්වයට සම කරන්න කිසිම දේශපාලන පක්ෂයකට හෝ සංවිධායකයෙකුට නොහැකි බවයි.
මේ පිළිබඳව අදහස් දක්වන දේශපාලන විචාරකයන් පවසන්නේ තවමත් චන්ද්‍රසේනලා වහල් මානසිකත්වයෙන් මිදීනැති බවයි.
2015 මහින්දගේ පරාජයට හේතුව තමන්ලාගේ වැරදි පාලනය බව පවසා එහි වගකීම භාරගෙන ජනතාව තනිකර ඇමරිකාවට පැනගිය බැසිල් නැවත පැමිණියේ විමල්,වාසුදේව ,ගම්මන්පිල ,දිනේෂ්ලා එකතුව පෙළගැස්වූ මහින්ද සුළඟ බලයක් බවට පත්කළ පසුව බව අද චන්ද්‍රසේනලාට අමතකවීම පුදුමයකි.මහින්දගේ හයිය උඩ පොදු ජන පෙරමුණ හැදුවා මිස බැසිල් ගේ හයියෙන් එය ගොඩනැගුනේ නැත.බැසිල් පැමිණියේම දක්ෂිණාංශික කුමන්ත්‍රණය අත ඇතිව බව අද අපට පැහැදිලිව පෙනේ.ද්විත්ව පුරවැසිභාවය අත් නොහැර
69 ලක්ෂයේ ජන වරමට පිටුපා 20සංශෝධනය හරහා නැවත පාර්ලිමේන්තුවට රිංගාගෙන මුදල් ඇමති වී සෞභාග්‍යයේ දැක්මට පිටුපා සහ විශේෂයෙන් නව ලිබරල්වාදයට ඝෝඨාභය ආණ්ඩුව යටපත්කර ගැනීම සඳහා බැසිල් විසින් ගෙනගිය වැඩපිළිවෙළ කෙළවර වූයේ අන්ත දක්ෂිණාංශික බලයක් රනිල්ගේ නායකත්වයෙන් පිහිටුවීමෙන්ය.
සෞභාග්‍යයේ දැක්ම පසෙකලා රාජ්‍ය ආයතන විකීණිමට පටන්ගත් බැසිල් ඊට එරෙහිවූ ඇමතිවරු ආණ්ඩුවෙන් එළියට දැම්මේය .ඒ අනුව විමල්,වාසුදේව ,ගම්මන්පිල එළියට වැටුනේය.
ඝෝඨාභයට රට ගෙන යා නොහැකි ලෙස අර්බුදය හැදුවේය.ඩොලර් හිඟයක් ඇති කළේය.ගෑස් ,විදුලිය තෙල් අර්බුදය හදා මිනිස්සු පාරට කැන්දුවේය.මොහු මුදල් ඇමති ලෙස මේ සියල්ලට වගකිව යුත්තේ ය.
අනතුරුව අරගලය හමුවේ 1956සිට දක්ෂිණාංශික කඳවුර ට විරුද්ධව ගමන් කළ මැද මාවත රනිල්ගේ දෙපාමුල තබා පාවාදුන්නේය.අද එම බලවේගයට ගමේ ඡන්දයක් ඉල්ලන්න යෑමට බැරි තැනට කටයුතු කළේය.
එහෙව් බැසිල්ට නැවත පොදු ජන පෙරමුණට නායකත්වය දෙන්න එන්න කියන්නේ රෙදි ඇදගෙනද කියා පාක්ෂිකයෝ විමසති.නැවත බැසිල්ලාට රැවටෙන්නට මිනිස්සු නම් සූදානම් නැති බව චන්ද්‍රසේනලා ඉගෙන ගන්නේ ඊළඟ මැතිවරණයේදී ය.......
------විමර්ශක------
තවත් පුවත් :
- රුපියල් හා ඩොලර්වලින් රට පුරවන්න මට පුළුවන්..
- රනිල් ජනපති සජිත් අගමැති.. විදෙස් තානාපති මෙහෙයුම සාර්ථකයි..
0 Comments