පසුගිය ජනාධිපතිවරණයේ දී 69 ලක්ෂයක් මිනිස්සු ඡන්දය දුන්නෙ බැසිල්ට නෙමේ.නාමල්ටත් නෙමේ.යුද්ධය අවසන් කළ මහින්ද රාජපක්ෂ නම් වූ යුග පුරුෂයාටයි.ඔහුට අපේ විශාල ගෞරවයක් තියෙනවා.දිලිත් ජයවීර මහතා මේ අදහස් පළකලේ මව්බිම ජනතා පක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් සමුළුව අමතමිනි .
නමුත් අද මේ 69 ලක්ෂයේ ජනතාවට නායකත්වයක් නෑ .ඇයි ඒ ජනතාව කිව්වද රනිල් වික්‍රමසිංහ ජනාධිපති කරල නැවත ජනාධිපති කරන්න කියල .69 ලක්ෂයේ ජනතාව කිව්වේ රනිල් එපා කියල.දැන් රනිල්ව නැවත ජනාධිපති කරන්න ,මේ පොහොට්ටුව පාවාදෙන්න හදනව නම් අපි කියනව ඔය පොහොට්ටුව අයිති අපිට .ඔය පොහොට්ටුව අයිති නෑ බැසිල් ට.ඔය පොහොට්ටුවේ ලාංඡනයත්,අලුත් ශ්‍රී ලංකාවක් කියන එකත් අතින් ඇන්දෙ මම.බැසිල් කියනව මුලින් තියන්න ඕන මහ මැතිවරණයලු.ඔහු කවුද? ලංකාවේ තියන්න ඕන මැතිවරණය තීරණය කරන්න ඕන ඇමරිකන් කාරයෙක්ද?ඒක ප්‍රශ්න කරන්න කාලය ඇවිල්ල .වැඩිදුරටත් සමුළුව ඇමතූ දිලිත් ජයවීර මහතා
පැවසුවේ ඇමති ප්‍රසන්න රණතුංග කියල තිබුන පොහොට්ටුවට දාන්න අපේක්ෂකයකු නෑ කියල .කොයි පොහොට්ටුවටද?නැත්තෙ බැසිල්ගේ පොහොට්ටුවටයි නැත්තෙ.
ජනතාවගෙ පොහොට්ටුවට ඉන්නව නියම අපේක්ෂකයෙක්. ඒ දිලිත් ජයවීරයි.
තවත් පුවත් :
- ඇහැළියගොඩ OIC මිය ගියේ ගැහැණු හුටපටයකටද?අන්තිම ඇමතුම දුන් සුරූපිණිය අත්අඩංගුවට.
- හිත රිදුන නයෝමි හදිසියේම කියපු අමුතු කතාව.
0 Comments