"අපි උසාවි යන කාලෙ නඩුකාර උන්නාන්සෙගෙ පොත රිලව් ඇවිත් උස්සගෙන යනවා" යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වන සතුන්ගෙන් සිදුවන වගා හානි පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය අමතමින් පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඒ කාලේ අධිකරණය තිබුනේ උඩවත්ත කැලේට මායිම් වී හෙයින් මෙවැනි කරදර ඇතිවන බව කී කිරිඇල්ල මහතා අද වන විට වගාවන් සඳහා රිලා කරදර වැඩි වී තිබෙන බව කීය.
මහනුවර දිස්ත්‍රික්කයේ කොලොංගොඩ, හතරඇල, මොරයාය,පාලං හන්දිය, රන්දෙනිගල ,වේරගම පෙදෙස්වල අක්කර සියයක් පමණ දැනටමත් වල් අලි විසින් විනාශ කර තිබෙන අතර එම ප්‍රදේශවල අලි වැටක් ඉදිකරන්නැයි ඉල්ලා සිටින බවද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කීය.
තවත් පුවත් :
0 Comments