හමාස් නායකයා ඉරානයට .


හමාස් නායක ඉස්මයිල් හනියේ අද (26) ඉරානයට යෑමට නියමිත බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

ඉරාන බලධාරීන් සමග සාකච්ඡා පැවැත්වීම සඳහා ඔහු එරටට යන බව සඳහන් වෙයි.

ඔක්තෝබර් 07 වනදා හමාස් - ඊශ්‍රායල ගැටුම් ආරම්භ වීමෙන් අනතුරුව හමාස් නායකයා ඉරානය ට යන දෙවැනි අවස්ථාව මෙය වෙයි.

හමාස් සංවිධානයේ ප්‍රධාන සහායකයා ඉරානය යි.

ගාසා තීරයේ ගැටුම් සඳහා වහාම සටන් විරාමයක් අවශ්‍ය බවට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය ඊයේ සම්මත කළ යෝජනාව සම්බන්ධයෙන් ද හමාස් නායකයා සිය ප්‍රසාදය ප්‍රකාශ කර ඇති බව සඳහන් ය.

තවත් පුවත් : 

Post a Comment

0 Comments