හර්දික් පාණ්ඩ්‍යා මාලිංගට කරපු දෙයින් මුම්බායි ඉන්දියන්ස් ප්‍රේක්ෂකයෝ කෝපයට පත් කරයි...නායකත්වයේ සීතල යුද්ධයක්...


මෙවර ඉන්දීය ප්‍රිමිය ලීගයේ වැඩිපුරම අවධානය දිනාගත් කණ්ඩායම වන්නේ හර්දික් පාණ්ඩ්‍යාගේ නායකත්වයෙන් තරග වදින මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමයි.

මෙවර මුම්බායි නායකත්වය වෙනස්වීමත් සමග මෙම කණ්ඩායම ගැන ක්‍රීඩාලෝලීන්ගේ අවධානය දිනාගන්නට සමත් වුණා.

කෙසේ නමුත් නායකත්වයේ වෙනස් වීමත් සමග මුම්බායි කණ්ඩායමේ පාර්ශව දෙකක් හටගෙන ඇති බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

හිටපු නායක රෝහිත් සහ නව නායක පාණ්ඩ්‍යා වටා කණ්ඩායමේ සාමජික‍යින් එකතු වී ඇති බවට සඳහන්.

ඉෂාන් කිශන් ප්‍රමුඛ නවකයින් පාණ්ඩ්‍යාගේ නායකත්වයට සහය දෙන බවට වාර්තා වෙනවා.

මේ අතරම ලසිත් මාලිංග සමග පාණ්ඩ්‍යාගේ විරසකයක් ඇති වී ඇති බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඒ සරයිසස් කණ්ඩායම අතර පැවති තරගයක වීඩියෝපට උපුටා දක්වමින්.

මීට පෙරද වීඩියෝ පටයක් උපුටා දක්වමින් අප ඔබට එම වාර්තාව ගෙන ආ බව ඔබට මතක ඇති.

සන්රයිසස් කණ්ඩායම සමග පැවති තරගය අවසානයේ ක්‍රීඩකයින්ට අතට අත දෙන මොහොතේද පාණ්ඩ්‍යා විසින් ලසිත් මාලිංගව ඉවතට තල්ලු කරන ආකාරය සඳහන් වීඩියෝ පටයක්  සමාජ ජාලා සහ පුවත් වෙබ් අඩවි කළඹා තිබෙනවා.

එම වාර්තාවල සඳහන් කර තිබෙන්නේද පුරාවෘත්තයක් බඳු ක්‍රීඩකයෙක්ට ගෞරව කිරීමට නොදන්නා මුම්බායි නායකයා වශයෙනුයි.

තවත් පුවත් : 

Post a Comment

0 Comments