මාර්තු මාසයේදී රුසියාවේ මොස්කව් හි ත්‍රස්ත ප්‍රහාරයක් සිදුවිය හැකි බවට රුසියානු බලධාරීන් වෙත අනතුරු ඇඟවීමක් සිදුකර තිබූ බව අමෙරිකාව පවසයි.
මොස්කව් හි ඊයේ (22) සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයකින් පුද්ගලයින් 60 දෙනෙකු මියගොස් තවත් 100කට අධික පිරිසක් තුවාල ලැබීය.
කෙසේවෙතත් මොස්කව් ජනතාව වැඩි වශයෙන් එක්රැස් වන උත්සව හෝ සංදර්ශන ස්ථානයක් ඉලක්ක කර ගනිමින් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය හැකි බවට මෙම මස මුලදී රුසියානු බලධාරීන් වෙත අනතුරු ඇඟවීමක් සිදුකළ බව ධවල මන්දිරය ප්‍රකාශ කර තිබේ.
කෙසේවෙතත් එය අමෙරිකාව වෙනත් අරමුණකින් සිදුකරන ලද ප්‍රකාශයක් ලෙස පවසමින් රුසියාව ඒ පිළිබඳව තැකීමක් සිදුනොකළ බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
ත්‍රස්ත ප්‍රහාරයක අවදානම සම්බන්ධයෙන් අමෙරිකානු රජය රුසියාවේ රැඳීසිටින අමෙරිකානු ජාතිකයින්ට ද මීට පෙර අනතුරු ඇඟවීමක් සිදුකර තිබු බව ද සඳහන් ය.
තවත් පුවත් :
- "කිසිම දෙයක් බලෙන් නීති දාලා රඳවගන්න බෑ.. ඔයා ඔයාවම රවට්ට ගන්න එපා.."
- IPL 2024 - පළමු තරගය චෙන්නායි දිනයි.
0 Comments