පසුගියදා රෝයල් තොමියන් බිග් මැච් එක දිනයේදී පැවති උත්සවයකදී ඇමරිකානු තානාපතිනිය හා හර්ෂ ද සිල්වා අත්වැල් බැඳගෙන සිදුකළ නැටුම සමාජයේ මහත් ආන්දෝලාත්මක කතා බහකට ලක්වුණු සිද්ධියක් බවට මේ වන විට පත් වී හමාරය .
සමහරු පවසන්නේ එම ඩාන්ස් එක ඇමරිකාව වැනි රටක ප්‍රතිරූපයට නොගැලපෙන බවයි.එසේම එවැන්නක් මීට පෙර කිසිදා සිදු නොවුවක් බවයි.
තවත් සමහරු පවසන්නේ එය අද ලංකාවේ දේශපාලනයේ එක් ප්‍රධාන පැතිකඩක් නිරූපණය වූ බවයි.අද ලංකාව ඇමරිකානු පදයට නටන ඇමරිකාවට ගැති නායකත්වයක් පාලනය මෙහෙයවන රටකි.රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කෙලින්ම ඇමරිකාවට ගැති රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.අගමැති ද රාජකීය විද්‍යාලයේ ආදිශිෂ්‍යයෙකි.එම නිසා රාජකීය විද්‍යාලයේ එම උත්සවයට ඇමරිකානු තානාපතිනියගේ පැමිණීම අහම්බයක් නොවේ.එසේම අනාගත ආණ්ඩුවේ මුදල් ඇමති ලෙස හඳුන්වන හර්ෂ ද සිල්වා ද ඇමරිකානු ගැත්තකු බවට ප්‍රසිද්ධය .ඒ අනුව ඔහුට තානාපතිනිය සමඟ නැටීමට ලැබීම මහත් ආශාවක් දනවන දෙයක් වූවාට සැක නැත.කෙසේ හෝ මෙම සිදුවීමෙන් පෙනී යන්නේ මේ රට තවමත් මෙහෙයවන්නේ ඇමරිකාව ප්‍රමුඛ රාජකීය විද්‍යාලයට ගිය මේ රටේ ඉහළ පංතිය නියෝජනය කරන නායකයන් විසින් බවයි .
---විමර්ශක----
තවත් පුවත් :
0 Comments