ජනපති කළ යුතු දේ පාඨලී කියයි.


ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ මොහොතේ තීරණය කළ යුත්තේ රාජපක්ෂලා පස් දෙනකු පාර්ලිමේන්තු ගෙන එම සඳහා මැතිවරණයක් පවත්වනවාද? නැතහොත් ජූනි මාසයේ ණය ප්‍රතිව්‍යුහගත කර රට ස්ථාවර කරනවාද? යන්න බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

 තවදුරටත් පන්සල් වලට ගොස් නයි පෙන්නා වංචා කර බුද්ධ ශාසනය විකුණාගෙන කෑමෙන් වැලකී සිටින ලෙස කී රණවක මහතා මේ මොහොතේ පන්සල් වල පවතින දානය ලැබීමේ ගැටලු  විදුලිය ලබාගැනීමේ ගැටලු පිළිබඳව සොයා බැලිය යුතු බවද කීය.

මහින්ද රාජපක්ෂ මහතා මේ මොහොතේ තව තවත් දේශපාලන සෙල්ලම් නොකර විශ්‍රාම යා යුතු බව කී රණවක මහතා නැවත බල ලෝබයෙන් සිදුකරන වංචා සහගත ක්‍රියාවන් වලින් සිදුවන්නේ අහිංසක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාක්ෂිකයන් නැවත වතාවක් අපහසුතාවයට පත්වීම බව සඳහන් කළේය.

ගම්පහ පැවති ජන හමුවක් අමතමින් පාඨලී චම්පික රණවක  මහතා මේ බව කීය.

තවත් පුවත් : 

Post a Comment

0 Comments