පොහොට්ටුවේ ජාතික සංවිධායක ධූරයේ බැසිල් රාජපක්ෂ සිටියේ නම් වඩාත් හොඳ බවත් ,නාමල් රාජපක්ෂට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තව කල් තිබෙන බවත් ඇමති ප්‍රසන්න රණතුංග නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේදී ජනමාධ්‍යවේදීන් අමතා ප්‍රකාශ කළේය .
වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු පැවසුවේ කළින් මහ මැතිවරණයක් පැවැත්වුවහොත් රටට ස්ථාවර ආණ්ඩුවක් පත් නොවන බවත් ,රට ගොඩනැගීමට අවශ්‍ය නම් ප්‍රථමයෙන් ජනාධිපතිවරණය පවත්වා පසුව මහමැතිවරණය පැවැත්විය යුතු බව ඔහු පැවසීය .
ඝෝඨාභයගේ පාලන කාලයේ අස්ථාවර වූ රට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා යළි ස්ථාවර කළ බවද,ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට යළි අවස්ථාවක් ලබාදිය යුතු බවත් ,මේ මොහොතේ ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීම සදහා පොහොට්ටුවේ සුදුසු අපේක්ෂකයකු නොමැති බවත් පැවසීය .ඒ නිසා නාමල් රාජපක්ෂගේ කංඩායම හා රනිල්ට සහාය දක්වන ඇමතිකම් ලබාගත් ප්‍රසන්න රණතුංග ඇතුළු පිරිස අතර ගැටුම අලුත් වී ඇතැයිද ඒ අනුව පොහොට්ටුව තව අතකට කැඩීයාමට ආසන්න බව දේශපාලන විචාරකයන් පවසයි.
තවත් පුවත් :
0 Comments