IMF වන්දනා නඩයෙන් මිදෙමු!


මේ ආර්ථික අර්බුදය නිවැරදිව විග්‍රහ කරගත් කිසිවෙකුට IMF වන්දනා කරන්න බැහැ .අද රනිල් වික්‍රමසිංහත්,සජිත් ප්‍රේමදාසත්,අනුර කුමාරත් යන්නේ  IMF වන්දනාවේ. ඔය කවුරු බලයට ආවත්  IMF පදයට නටනවා හැර වෙන උත්තර නෑ. ඒනිසා අනාගත දරු පරපුරේ පදයට නටන බලවේගයකුයි අද ජනතාව ඉල්ලන්නේ .ඒ නිසා IMF  සරණ යන සියල්ලන් එක මිටට තබා පැරදවීය හැකි නව දේශපාලන බලවේගයක් සමග සිට ගැනීමට ජනතාවගෙන් ඉල්ලා සිටින බව උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ මන්ත්‍රීවරයා මහරගම පැවති ජනහමුවකදී පැවසීය .

"77 න් ඇරඹි පරාධීන ආර්ථික මාවතෙන් ගැලවීමට එක්වව් "යන තේමාව යටතේ පැවති මෙම ජන සමුළුව අමතා ඩලස් අලහප්පෙරුම ,දයාසිරි ජයසේකර ,රොෂාන් රණසිංහ ,ගම්මන්පිල ,ගෙවිඳු කුමාරතුංග ,පූජ්‍ය අතුරලියේ රතන හිමි,වාසුදේව නානායක්කාර  සහෝදරයා නියෝජනය කරමින්  ජී.වී.ඩී.තිලකසිරි යන අය මෙම සභාව ඇමතූහ.

අනාගතයේ හැදෙන තවත් පළල් පෙරමුණක ලක්ෂණ මෙම කථිකයින්ගේ කථාවලින් අනාවරණය විය.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මන්ත්‍රීවරයා පැවසුවේ මේ රටේ බලය ඉල්ලන ඕනෑම පාර්ශවයක් තම ඉලක්කයන් සපුරා ගන්නා ආකාරය රටට පැහැදිලි කළ යුතු බවත් ,බොරු පුරාජේරු කතාවලින් ජනතාවට වැඩක් නැතැයිද බස් බෙදන් ගියාට හෝ දෙබස් කියන් ගියාට මේ රටේ අර්බුදයට විසඳුම් ලැබෙන්නේ නැති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය .ඔවුන් කරන්නේ දැන් තිබෙන අර්බුදය වවාගෙන කෑම පමණක් බවත් ,IMF  කඳවුරට විරුද්ධ දේශපාලන  කඳවුරක් උත්තර ලංකා සභාගය හා අනෙකුත් ප්‍රගතිශීලී පක්ෂ එක්ව ඉදිරියේදී ගොඩනගන බව විමල් වීරවංශ වැඩිදුරටත් පැවසීය.

තවත් පුවත් : 


Post a Comment

0 Comments