Jake Fraser-McGurk (84) සහ Tristan Stubbs (නොදැවී 48) දෙදෙනාගේ ප්‍රහාරාත්මක පිතිහරඹය නිසාම නවදිල්ලියේදී අද පැවැති IPL තරගයේදී Delhi Capitals ක්‍රීඩකයෝ ලකුණු 10 ක තියුණු ජයක් අත්කර ගත්හ. ලකුණු 258 ක ඉලක්කයක් කරා ගිය Mumbai Indians පිතිකරුවන් ජයටැඹ පෙනෙන මානයටම පැමිණි නමුත් අවසන් ඕවරයේදී කඩුලු දෙකක් දවාගත් Mukesh Kumar, Mumbai Indians පිතිකරුවන්ගේ ගමන ජයග්‍රහණයට ලකුණු 10 ක් මෑතින් නතර කරගත්තේය.
Mumbai Indiansපන්දු යවන්නන්ට රිදෙන්නම තැලූ Delhi Capitals ක්‍රීඩකයෝ ඕවර 20 කින් ලකුණු 257 ක් ලබාගත්හ.
මුම්බායි පිල වෙනුවෙන් Nuwan Thushara යැවූ ඕවර 4 න් ලකුණු 56 ක් උදුරා ගැනීමෙන් පසුව ඔහු කණ්ඩායමෙන් ඉවත් කර ඒ වෙනුවට පිතිකරු Suryakumar Yadav ආදේශ කරන ලදි. එහෙත් පන්දු 13 කට මුහුණ දුන්suryakumar yadav ලකුණු 26 කට දැවී ගියේය. එතැන් සිට එක්වූ නායක Hardik Pandya (46) සහ Tilak Varma (63) එක්ව පන්දු 39 කින් ලකුණු 71 ක් එකතු කරමින් Mumbai Indians කණ්ඩායම නැවතත් තරගයට ඇදගෙන ආහ.
18 වැනි සහ 19 වැනි ඕවර දෙකේදී පන්දු 12 කින් ලකුණු 39 ක් උදුරාගත් නමුත් තරගය ජයගැනීමට නම් අවසන් ඕවරයේ පන්දු 6 න් ලකුණු 25 ක් අවශ්‍ය විය. එහෙත් අවසන් ඕවරයේදී Mumbai Indians පිලට ලබාගත හැකිවූයේ ලකුණු 14 කි. එම ඕවරයේදී කඩුලු දෙකක් බිඳ වැටීම නිසා ලකුණු ලබාගැනීමේ අවස්ථාව අහිමි විය.
අතිරේක ක්‍රීඩකයා ලෙසින් දිල්ලි පිලට එක්වූ Raziq Salim ඉතාමත් අගනා පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 34 කට කඩුලු 3 ක් දවාගත්තේය.
Mumbai Indians කණ්ඩායම 2024 IPL . තරගාවලියේ තරග 9 කදී ලද 6 වැනි පරාජය මෙයයි. මේ වන විට IPL ප්‍රසාද ලකුණු සටහනේ 9 වැනි ස්ථානයට ඇද වැටී සිටින Mumbai Indians පිල, තරගාවලියේ ඉදිරි ගමන සම්බන්ධයෙන් මහත් අසීරු තත්ත්වයකට මුහුණ දී සිටී.
තවත් පුවත් :
0 Comments