අවසන් සටන රනිල් හා අනුර අතරයි!


දැනට ජනාධිපතිවරණය සඳහා දේශපාලන බිමේ පවතින තුන් කොන් සටන ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමත් සමඟ දෙකොන් සටනක් බවට පත් වනු ඇතැයි දේශපාලන විචාරකයන් පෙන්වා දෙයි. දැන් ප්‍රධාන වශයෙන්  රනිල් ,සජිත් හා අනුර අතර  තුන්කොන් සටනක් පවතින බවත්  අවසානයේ එය අනුරට එරෙහිව  රනිල් හා සජිත් එකතුවූ දෙකොන් සටනක් බවට පරිවර්තනය වන බවත් ඔවුන් පවසයි.

දැනට පවතින බල තත්ත්වය සැලකිල්ලට ගැනීමේදී පෙනීයන්නේ රනිල් පොහොට්ටුවේ ඉතිරීවී ඇති ඡන්ද කුට්ටියෙන් වැඩි කොටසකගේ ආකර්ෂණය ලබාගෙන ඇති බවයි. දැනටමත් ප්‍රසන්න ඇතුළු ප්‍රබල ඇමතිවරු ගණනාවක් ජනාධිපති අපේක්ෂකයා වශයෙන් රනිල් දැමිය යුතු බවට ප්‍රකාශ කර ඇති අතර එයට පොහොට්ටුවේ අනික් කොටසද අවසානයේ එකඟ වන්නේ ඔවුන්ගේ ආරක්ෂාව  පතාය. මීට අමතරව උතුරු හා නැගෙනහිර දෙමළ හා මුස්ලිම් ඡන්දයේ බහුතරයකගේ විශ්වාසයද රනිල් දිනාගෙන තිබේ. ඊටඅමතරව වතුකරයේ ඡන්ද වලින් බහුතරය ද ඔහු ආකර්ෂණය කරගනු ඇත . මේ අනුව රනිල් සිටින්නේ විශාල ඡන්ද කුට්ටියක් අතේ තියාගෙනය.

මීළඟට සජිත් සිටින්නේ ද විශාල  සජබ ඡන්ද කුට්ටියක් අත තබාගෙනය. එය 30%කට වැඩිය. 

මේ අතර තරුණ ඡන්ද විශාල ප්‍රමාණයක් ද, මධ්‍යම පංතික ඡන්ද වලින් විශාල ප්‍රමාණයක් ද, රාජ්‍ය සේවයේ හා වෘත්තිකයන්ගේ ඡන්ද වීශාල ප්‍රමාණයක් ද ආකර්ෂණය කරගත් අනුර කුමාර ද ප්‍රධාන තරඟ කරුවකු ලෙස දක්නට ලැබේ.

නමුත් දැනට ලැබෙන වාර්තා අනුව  ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා අවශ්‍ය 50%ක ප්‍රතිශතය තවම මේ කිසිදු  අපේක්ෂකයකුට නොමැති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි .

කෙසේ වුවද පංතියේ ආරක්ෂාව පතා අවසානයේ රනිල් හා සජිත් එකතුවනු ඇතැයි දේශපාලන විචාරකයන් පවසයි . එවිටඅවසන් තරඟය පවතින්නේ රනිල් හා අනුර අතර වේ.

එබැවින් අභියෝගය තිබෙන්නේ අනුර කුමාරට බව ඔවුන් පවසයි .

ඉතිහාසයෙන් පාඩම් ඉගෙන නොගතහොත් 1988 සිරිමාවෝ මැතිණිය හා 1982 කොබ්බෑකඩුව මැතිතුමාට මුහුණ දෙන්නට සිදුවූ පරාජයට අනුරට ද මුහුණ දෙන්නට සිදුවනු ඇත.  කෙසේ හෝ රනිල්ට හෝ සජිත්ට එරෙහිව තුන්වන අපේක්ෂකයෙක් පැමිණීම වලක්වා ගැනීමේ වගකීම ඇත්තේ මාලිමාවට ය. ඒ සඳහා අවශ්‍ය උපක්‍රම දැන් සිටම කල්පනාවට ගත්තොත්  හොඳය. ලක්ෂ පහක් පමණ ගතහැකි තවත් තුන්වන අපේක්ෂකයෙක් රනිල්ට එරෙහිව වමෙන් ආවොත් ඒ බෙදෙන්නේ වමේ ඡන්දය.   .1988 සිරිමා මැතිණිය පරාජය වූයේ සමාජවාදී ජනතා පෙරමුණේ ඔසී අබේගුණසේකර 4.9%ක් ඡන්ද ගත් නිසාය . එසේම 1982 කොබ්බෑකඩුව පරාජය වුනේ කොල්වින්, වාසුදේව හා විජේවීර ඡන්ද කඩපු නිසාය .ඒ පරාජයන් වල අමිහිරි මතකයන් අපිට අදත් මතකය.ඒ නිසා මෙවර ද මාලිමාව ,උත්තර ලංකා සභාගය ,නිදහස ජනතා සභාව ,දයාසිරිලා,රොෂාන් රණසිංහ ලා  රනිල් විරෝධී ඡන්ද ගොඩ  නොබෙදීමට වගබලා ගත යුතු බව දේශපාලන විචාරකයන්ගේ මතය වී තිබේ . රනිල්ව පරාජයට පත්කළ හැක්කේ එවිට පමණි .

   ------ විමර්ශක ....

තවත් පුවත් : 

Post a Comment

0 Comments