වියත්මගේ පිරිස් ගනිද්දී වියත්ව සිතන්න.


රට බංකොලොත් කළ වියත්මගේ පිරිස් පක්ෂයට බඳවා ගැනීමේදී ප්‍රවේශමෙන් කටයුතු කළ යුතු යැයි සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසීය.

පක්ෂය වෙනුවෙන් අපි කැපවී කටයුතු කරන පිරිස් ආරක්ෂා කරගෙන විශ්වාස වන්ත පිරිස් පමණක් එකතු කරගැනීම නුවණට හුරු බව පැවසූ මන්ත්‍රීවරයා එසේ එකතු වන අයගේ හැකියාව සහ ඔවුන්ට රටේ ඇති පිළිගැනීම තක්සේරු කළ යුතු යැයිද කීය.

එසේ ප්‍රවෙිශමෙන් ක්‍රියා නොකළහොත් ජනතාවගේ චෝදනාවට ලක්විය හැකියැයිද හෙතෙම වැඩිදුරටත් පැවසීය .

සමගි ජන බලවේගයේ ජාතික සංවිධායකවරයා මේ බව පැවසුවේ සමගි ජන සන්ධානය සමඟ නිදහස් ජනතා සභාවේ මන්ත්‍රීවරු පිරිසක් එක්වීම සම්බන්ධයෙන් ඔහුගේ අදහස් මාධ්‍ය වෙත ප්‍රකාශ කරමිනි.

තවත් පුවත් : 


Post a Comment

0 Comments