දැනට පිල් ගණනාවක සිට දේශපාලන කටයුතු කරමින් සිටින දක්ෂිණාංශික හා ධනපති පංතියේ කොටස් එළඹෙන ජනාධිපතිවරණයේදී දක්ෂිණාංශික එක් අපේක්ෂකයකු වෙනුවෙන් පෙනිසිටිමින් ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් ඍජුව කටයුතු කරනු ඇතැයිද, එම දක්ෂිණාංශික අපේක්ෂකයාට විරුද්ධව පෙළගැසෙන ප්‍රගතිශීලී ජනතාව සහාය දෙන දක්ෂිණාංශික නොවන අනෙක් අපේක්ෂකයාට රට හදන ජනතාවාදී වැඩ පිළිවෙළක් ඉදිරිපත් කරමින් අනෙකුත් සියලු ප්‍රගතිශීලී පක්ෂ සහාය දැක්විය යුතු බව වාමාංශික පක්ෂයක ප්‍රබල නායකයකු අද කොළඹ පැවති රහස් සාකච්ඡාවකදී පවසා තිබේ .
ඔහු සඳහන් කර ඇත්තේ දැනට පිල් දෙකක මෙන් රඟපාන රනිල්, සහ සජිත් යන දක්ෂිණාංශික නායකයන් දෙදෙනාගෙන් එක් අයකු ජනාධිපතිවරණ සටනින් ඉවත්වී අවසානයේ අනෙකාට සහාය දක්වන බවත්, 2015 දී රනිල්, චන්ද්‍රිකා, චම්පික, රාජිත, රතන, දෙමළ, මුස්ලිම් පක්ෂ සිරිසේනට සහාය දුන් ආකාරයට මෙවරද එකී දක්ෂිණාංශික අපේක්ෂකයකු වෙනුවෙන් සියලු දෙනා පෙළගැසෙනු ඇතැයි ද ඔහු පැවසීය . ඔහුට අනුව දක්ෂිණාංශික අපේක්ෂකයා බොහෝ දුරට සජිත් හෝ රනිල් විය හැක.
ඔවුන්ට විරුද්ධ දක්ෂිණාංශික නොවන අපේක්ෂකයා අනිවාර්යයෙන්ම අනුර කුමාර වනු ඇති බවත්ය.
ඔහු පවසන්නේ ජනාධිපතිවරණයේ දී එසේ අනුරට සහාය දීමට ක්‍රියා කොට මහමැතිවරණයේ දී වාමාංශික හා ප්‍රගතිශීලී බලවේග එක්ව වෙනම තරඟ කළ හැකි බවයි. එවිට මාලිමාවට ඡන්දය දුන් බොහෝ වාමාංශික හා ප්‍රගතිශීලී කොටස් මහ මැතිවරණයේදී ඔවුන්ට ද ඡන්දය දෙනු ඇතැයි ඔහු පවසා ඇත. මෙය අද පවතින දේශපාලන තත්ත්වය පිළිබඳ යථාර්ථවාදී අළුත්ම විග්‍රහයක් බව බොහෝ අය එහිදී පවසා ඇතැයි වාර්ථාවේ.
තවත් පුවත් :
0 Comments