ක්‍රීඩාලෝලීන්ගේ නොමද ආදරය දිනාගත්, පැතුම්ගෙන් අලුත් පිම්මකට අලුත් පන්දුවක්...

 


මේ කියන්න යන්නේ තවත් අනාගත පරපුරක් වෙනුවෙන් සැබෑ වුණ හීනයක් ගැන කතාවක්..

දවසින් දවස මොහොතින් මොහොත  ඔවුන් සිහින දකින්නෙත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට යන්න වෙන්න ඇති..

 මේ කියන්න යන්නේ අන්න ඒ ගැන කතාවක්.. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය දායකත්වය මත රත්නපුර මොනරවිල ප්‍රදේශයේ ඉදිකළ ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාංගණය පසුගියදා  ජනතා අයිතියට පත් කෙරුණා..

ඉන් රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්ක ඇතුළු සබරගමුව පළාතේ ක්‍රිකට් සංගම්වල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිය කුසලතා වර්ධනය කර ගැනීමේ අවස්ථාව හිමිවනු ඇතියි..

එසේම මේ තුළින් ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් තරග පැවැත්වීමට ද අවස්ථාව ලැබෙනවා.. මේ අවස්තාවට සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයින් වන වනිඳු හසරංග සහ පැතුම් නිස්සංක එක්වෙලා තිබුණා..

එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක විසින් නව ක්‍රීඩා පිටියේදී පන්දුවක් යොමුකළ අවස්තාව කාගේත් අවධානයට ලක්වුණා.. ක්වුණා.. 

#1. 

#2. 


තවත් පුවත් : 

    Post a Comment

    0 Comments