ගෝඨාභයට එදා මං විරුද්ධ වුණා.


රට අද මුහුණ පා සිටින අර්බුදයෙන් ගොඩගත හැක්කේ අත්දැකීම් ඇති පරිණත නායකයෙකුට පමණක් බැවින් අත්දැකීම් නොමැති අලුත් අයට රට භාර දෙන්න හිතන්නවත් එපා යැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට පක්ෂය සුදානම් වනවිට තමන් ඊට විරුද්ධ වූ බවත් එහෙත් පොහොට්ටුව ඊට කන්නොදුන් බවත් රණතුංග මහතා පෙන්වා දෙයි.

රනිල් ජනාධිපති කළේ පොහොට්ටුවේ නායකයින් මිස තමන් ඇතුළු පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් නොවන බව පෙන්වා දුන් ඇමතිවරයා තමන් ඇතුළු පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් කළේ ඊට සහාය ලබා දීම බවද කියයි.

තමන් රනිල්ට කඩේ නොයන බවත් තමන් කඩේ යන්නේ මේ රටේ ජනතාවට පමණක් බවද ඇමතිවරයා වැඩිදුරටත් අවධාරණය කරයි.

උඩුගම්පලදී අද (30) පැවැති රැස්වීමකට සහභාගී වෙමින් ඇමතිවරයා මේ බව සඳහන් කලේය.

තවත් පුවත් : 

Post a Comment

0 Comments