ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනපති අපේක්ෂකයා ගැන මෛත්‍රී කළ හෙළිදරව්ව.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස විජයදාස රාජපක්ෂ ඉදිරිපත් වනු ඇති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ, වෘත්තීය වෘත්තීය සමිති නායක T.B ඉලංගරත්න මහතාගේ ගුණසමරු උත්සවයට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූයේ මෙලෙසින්,

"විජයදාස රාජපක්ෂ මැතිතුමාට තමයි පක්ෂයේ වැඩිදෙනෙකුගේ කැමැත්ත තියෙන්නේ. මම එකගමනක් කළා. මම එක සැරයක් කරන්නේ කියලා කිව්වා. ඒ සැරේ දිවුරුම් දෙන වෙලාවේම මම කිව්වා මම ආයෙමත් තරගකරන්නේ නෑ කියලා. විජයදාස මහත්මයා තමයි ඉල්ලන්නේ, අපි සම්පූර්ණ සහාය දෙනවා. ආණ්ඩුවේ ඇමතිවරයෙක් අපි ගත්තා. දැන් එයා අපේ. ඇමතිකම ගැන දැන් කිසිම කැමැත්තක් නෑ."

තවත් පුවත් : 


Post a Comment

0 Comments