ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු නොවී වෙනත් රටක පුරවැසිභාවය හිමි තැනැත්තෙකුට ශ්‍රී ලංකාවේ මන්ත්‍රීධූරයක්, ඇමතිධූරයක් හෝ රාජ්‍ය ඇමතිධූරයක් දැරීමට බලයක් නොමැති බව පසුගියදා ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්‍රීධූරය බලරහිත කරමින් ලබාදුන් නඩුතීන්දුවෙන් පැහැදිලි වේ.. මෙම තීන්දුව ශ්‍රී ලංකාවේ පුරවැසියන්ගේ මෙන්ම පක්ෂ විපක්ෂ දේශපාලන පක්ෂ වල ඇස් අරවන ඉතා වැදගත් තීන්දුවක් බව සැමගේ පිළිගැනීමයි.
ශ්‍රී ලංකාවේ මන්ත්‍රීවරයකුවීමට, හිමිකම ඇත්තේ ශ්‍රී ලංකාවේ පුරවැසියකුට පමණි . ද්විත්ව පුරවැසියන්ට හෝ වෙනත් රටක පුරවැසියකුට ශ්‍රී ලංකාවේ මන්ත්‍රීවරයකු ,ඇමතිවරයකු ,හෝ රාජ්‍ය ඇමතිවරයකු වීමට නොහැක .ඒ සඳහා අවශ්‍ය සුදුසුකම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේම දක්වා ඇත .ඒ අනුව ඝෝඨාභය රාජපක්ෂත් ගීතා කුමාරසිංහ මහත්මියත් තම ද්විත්ව පුරවැසිභාවය ඉවත්කර ගත්හ.
නමුත් ඩයනා මහත්මියට මන්ත්‍රී ධූරය ලබාදීමේදී හා රාජ්‍ය ඇමති ධූරය ලබාදීමේදී විපක්ෂයේ සජබත්,ආණ්ඩුවේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාත් වගකිව යුතු ලෙස කටයුතු කර නැත .ඒ අර්ථයෙන් මෙම නඩු තීන්දුව මගින් ආණ්ඩුවටත් විපක්ෂයටත් බරපතල අනතුරු හැඟවීමක් දක්වා තිබෙන බව නීති විශාරදයන්ගේ අදහසයි.
එසේම මෙම නඩු තීන්දුව දෙස බැලීමේදී පෙනී යන්නේ ජනතාවගේ පරමාධිපත්‍ය බලය ආණ්ඩුව හා විපක්ෂය හෑල්ලුවට ලක්කර ඇති බවයි.
එබැවින් ඉදිරි මැතිවරණ වලදි නාමයෝජනා ලබාදීමේදී මෙන්ම තනතුරු ලබාදීමේදී තමන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව සිතා බැලීමට ඉතා වැදගත් පණිවිඩයක් මෙම තීන්දුව මගින් ලබාදී ඇති බව බොහෝ විද්වතුන්ගේ මතයයි...
.......විමර්ශක ....
තවත් පුවත් :
0 Comments