අද අපි මේ ලිපියෙන් කියන්න යන්නේ බොන්න කලින් වෙනස්ම් විදියේ කතා කියලා, බිවුවට පස්සේ ඊට හාත්පසින්ම වෙනස් වැඩ, නැත්නම් කතන්දර කියන අයියලා ගැන.
කියවලා බලන්නකෝ ඔයාගේ යාලුවෝ ගොදෙත් මේ ජාතියේ පොරවල් ඉන්නවද කියලා. ඉන්නව නම් එයාලට මේක Share කරන්නත් අමතක කරන්න එපා.
මම ඒක අතැරලා ඉවරයි. එයාව මට ආයේ ඕනි නෑ.
ඔන්න පුතෝ පටන්ගන්නෙම ලවු සීන් එකකින්. අපි කොහොමත් ආදරේ විඳින මිනිස්සුනෙ. ඉතිං එහෙවු රටේ බූට් කියල කියනේ අරුමයක් නෙවෙයි නේ. ඒත් මේ සංසිද්ධියක් නිසා ගොඩක් ඩයල් අවුලෙන් තමයි කල් ගත කරන්නෙ.
මේ විදියට අවුලෙන් ඉන්න බුවාලා අමුවෙන් ඉන්නකොට “මට එයා නැතත් කමක් නෑ, මට එයාව ආයෙ ඕන නෑ, රැවටුනා නෙමෙයි මා ඔබ විශ්වාස කළා, ඔයාට මාව එපානම් කලින් කියන්නට තිබුනා, ආයෙනං එපා ඔයා” වගේ සීන්වල ඉන්නවා.
හැබැයි මහත්තයො දෙක දැම්මට පස්සෙ තත්ත්වෙ වෙනස්. “මං මැරිල හරි ඒකිව දිනාගන්නවා මචං”. ඒ වෙලාවට ඉතිං “මැරිලා ගෑනු දිනාගෙන ඉවරවෙලා ඒකිව නමල පෙට්ටියට දාන්නද මචං?” කියල අහන එක තමයි හොඳ.
මේ ටිකේ හුස්ම ගන්නවත් ඉවරයක් නෑ බං.
මෙහෙම අයියලා සෙට් වීමකට සෙට් කරගන්න හරිම අමාරුයි. “අම්මෝ බං අද මෙහෙම බොන්න මම පහුගිය මාස ටිකම පිස්සෙක් වගේ වැඩ කළේ බං, ආයෙ නං මාස තුනකටවත් බොන්න බෑ බං හොඳේ, පුදුම වැඩ කන්දක් බං තියෙන්නෙ, ලොක්කා මටමයි වැඩ කියන්නෙ” වගේ ටෝක් දෙන අයියලා ඕනම සෙට් එකක ඉන්නවා.
හැබැයි පුතේ දෙකක් දැම්මට පස්සෙ මෙන්න ‘ෆ්‍රී රයිඩර් ස්ලෑෂ් පාටි ඇනිමල්’ සෙට් වෙනවා. හම්මියෝ ඊටපස්සෙ එපැයි බලන්න. “ලබන සතියෙ යමං යාපනේ, පස්සෙ සතියෙ යමං ඉන්දියාවේ” වගේ ටෝක් දෙන්නෙ.
අදනම් සතේ නෑ බං...
බොන්න කලින් දවාලට කන්නවත් හම්බෙච්ච නැති හිඟන්න වගේ තමයි ටෝක් දෙන්නෙ. “මේ පාර නෝපේ ගිහින් පඩිත් අඩුයි බං, ඕටී කරන්න වුනෙත් නෑ, වෙඩින් පහක් තිබ්බ නිසා හිඳිලා ඉන්නෙ මචං” කියල තමයි කොල්ලා බොන්න වාඩි වෙන්නෙ. අනිත් මිනිස්සු රුපියල් දෙදාහක් දාද්දි මිනිහා තුන්සීයක් විතර දාලා තමයි ගේමට එන්ටර් වෙන්නේ.
හැබැයි මහත්තයො බාගෙ යද්දි මෙන්න බිල් ගේට්ස් ආවේස වෙනවා. “අද නං හොඳට ගසන්න ඕන ආ. හොඳ විස්කියක් ගේමු මගේ ගානෙ. මේ මුරුක්කු කන්න බෑ බං, ජැෆ්නා ස්ටයිල් ක්‍රැබ් කරියක් ගනිං මෙන්න සල්ලි, මොනාද බං මෙහෙම බීලා පුළුවන්ද කාලෙකට පස්සෙ සෙට් වුනාම” වගේ මට්ටමකට පොර අවතීර්ණ වෙනවා.
උගෙයි මගෙයි ප්‍රශ්නේ දැන් ඉවරයි බං.
මේ සීන් ඉතිං ලවු ප්‍රශ්න, කෑලි ප්‍රශ්න එහෙමත් නැත්නම් රැකියා ප්‍රශ්න නිසා ඇති වෙන නොහොඳ නෝක්කාඩුවල පශ්චාත් වෙරිමතවාදීය ක්‍රියා ගැන තමයි කියන්න යන්නෙ.
ඔන්න ඉතිං බොන්න පටන් ගන්න කලින් කියන්නෙ “උගෙයි මගෙයි දැන් අවුලක් නෑ, අපි දැන් ෆිට් එකේ ඉන්නව බං, ගිය සතියෙත් අපි සෙට් වුණා” කියල තමයි කතාව එන්නෙ. තුන හතරක් වැදිලා මඳ පවනට එද්දි පටන් ගන්නවා අනිත් පැත්තට කතාව. “කොච්චර උඩින් හිනාවෙලා හිටියත් මං දන්නව ඕක ගල් ආදා කියල. ඌ දන්න දවසෙ ඉඳන් මට කළේ කෙල වෙන වැඩ බං. මගේ හොඳ කමටයි මං ඉවසං හිටියෙ. මේ සීන් තවත් මෙහෙම වෙන්නෙ නෑ. හෙටම කෙලින් ගිහින් කතා කරලා ඇදගෙන, එතනම දෙකක් නෙලලා වැඩේ ඉරයක් කරනවා බං.”
ආයෙ බොන්නෙ නෑ බං.
අමුතු ටෝකක් තමයි ඒ අයියල දෙන්නේ . මම “මේ උඹල බල කරන හින්දා බොන්නෙ බං. මමනං මේ බොන අන්තිම පාර. උඹලත් නවත්තපං බං. මෙහෙම හැමදාම කරල හරියන්නෙ නෑ”. මේ වගේ කතන්දර කියන එකෙක් හැම සෙට් එක්කකම ඉන්නවා.
හැබැයි පුතේ කාල ගහන එකාට බාගෙ වෙනකං වැදිලා කාලකණ්ණියා භාග්‍යවන්තයා වුනාට පස්සෙ තමයි හොඳම හරිය පටන් ගන්නේ. “යකෝ අඩියක් නොගහ ඉන්නෙ කොහොමද බං පිරිමි අපි. දැන් ඔය අපේ ගෑණි කොයි වෙලෙත් දෝස්මුරේ දදා මගේ ඇඟේ නැගගෙන ඉහේ ඉඳන් කන්න හැදුවට අඩියක් නොගහ සොමියක් ගන්න පුළුවන්ද බං අපි වගේ උන්ට”. ඔන්න ඔහොමයි පොඩ්ඩක් ගත්තට පස්සේ ඒ අයියලාගේ කතාව.
මේ වගේ අයියලා ඔයාලගේ සෙට් එකෙත් ඉන්නවනම් උන්ට උපහාරයක් වශයෙන් මේක Share කරන්න අමතක කරන්න එපා.
තවත් පුවත් :
0 Comments