ශ්‍රී ලංකා ආර්ථික මුහුදු කලාපයෙන් චීන පර්යේෂණ නෞකා ඉවත්කර තැබීම සඳහා අමෙරිකාව මෙරට රජය සමඟ අඛණ්ඩව කටයුතු කරන බව ශ්‍රී ලංකාව සඳහා නම් කළ නව අමෙරිකානු තානාපතිනි එලිසබෙත් කැත්‍රින් හෝර්ස්ට් මහත්මිය එරට සෙනට් සභාව ඉදිරියේ ප්‍රකාශ කර තිබේ.
ශ්‍රී ලංකාව් නව අමෙරිකානු තානාපතිනිය ලෙස එලිසබෙත් කැත්‍රින් හෝර්ස්ට් මහත්මිය නම් කර තිබේ.
එරට ඇය අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ පාකිස්තානය භාර ප්‍රධාන නියෝජ්‍ය සහකාර ලේකම් ලෙස කටයුතු කළ ජ්‍යේෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිනියකි.
පාකිස්තානයේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ ඉම්රාන් ඛාන් පාලනය සමයේ එරට කටයුතු සඳහා අමෙරිකාවේ ප්‍රබලව මැදිහත්වීමක් සිදුවූ බවට ද චෝදනා එල්ලවන්නේ එවන් පසුබිමක් තුළය.
කෙසේවෙතත් හෝස්ට් මහත්මිය මෙරට තානාපතිනිය ලෙස පත්වන්නේ එරට සෙනෙට් සභාවේ සහ ශ්‍රී ලංකා රජයෙන් අනුමැතිය හිමිවීමෙන් පසුව වන අතර පසුගියදා ඇය අමෙරිකාවේ සෙනෙට් සභාවේ විදේශ සබඳතා කමිටුව හමුවට කැඳවනු ලැබීය.
එහිදී ඇය විසින් සිදුකළ ප්‍රකාශය ඉහත වීඩියෝ වේ දැක්වේ.
කෙසේවෙතත් එලිසබෙත් කැත්‍රින් හෝස්ට් මහත්මිය ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනිය ලෙස පිළිගැනීම ප්‍රතික්ෂේප කළ යුතු බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ප්‍රකාශ කළේය.
තවත් පුවත් :
0 Comments