ලබනදෙසැම්බර් 15න් පසු කාලසීමාවේදී පරාටේ නීතියට යටත්වූවන් සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ මාර්ග සිතියමක් ලබාදීමටද කමිටුව නිර්දේශ කළේය.
පරාටේ නීතියට යටත්ව බැංකු සමග ගනු දෙනු කළ සියලු පාර්ශ්වයන්ට බැංකු සමග සාකච්ඡා කිරීමට සාධාරණ අවස්ථාවක් ලබාදෙන ලෙස නිර්දේශ කෙරිණ.
මේ අනුව ණය ගැනුම්කරුවන් විසින් නොගෙවා පැහැර හරින ලද ණය අයකර ගැනීම සඳහා එම ණය වෙනුවෙන් බැංකු වෙත උකස් කරනු ලැබ ඇති යම් දේපළක් ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට බැංකු විසින් ගනු ලබන ක්‍රියාමාර්ග සඳහා විධිවිධාන සැලසීම පිණිස 1990 අංක 4 දරන බැංකු මඟින් ප්‍රදානය කරන ලද ණය අයකර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනත (පරාටේ නීතිය) දෙසැම්බර් 15 දින දක්වා තාවකාලිකව අත්හිටුවීම සඳහාවන බැංකු මගින් ප්‍රධානය කරන ලද ණය අයකරගැනීමේ (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පතට කොන්දේසිවලට යටත්ව මුදල් කාරක සභාවේ අනුමතිය මෙසේ හිමි විය.
මේ සඳහා අනුමතිය හිමි වූයේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගිය 30 වැනිදා රැස් වූ අවස්ථාවේදීය.
මෙහිදී මුදල් අමාත්‍යාංශය නියෝජනය කරමින් පැමිණි නිලධාරීන් පැවසුවේ මේ මගින් තාවකාලික සහනයක් ණය හිමියන්ට ලබාදීමට බලාපොරොත්තු වන බවයි.
තවත් පුවත් :
- වැරදීමකින් ගත් ශශාන්ක් සිං මෙවර තරඟාවලියේ පංජාබයේ සාර්ථකම පිතිකරුවා බවට පත් වෙයි !
- කොළ කොඩිය ඔසවාගෙන ඉදිරියටම යනවා.
0 Comments