දේශපාලන අධිතක්සේරුව නැවත දක්ෂිණාංශය ශක්තිමත් කරයිද?


එළඹෙන ජනාධිපතිවරණයේදී දක්ෂිණාංශික අපේක්ෂකයා පරාජය කර මාලිමාව තනිවම තරඟකර ජයග්‍රහණය කළ හැකි බවට වූ සුපුරුදු අධි තක්සේරුවක ජවිපෙ  සිටින බව දේශපාලන විචාරකයන් පෙන්වා දෙයි.

අධිතක්සේරුව ජවිපෙට ආවේණික නිධන් ගත රෝගී තත්ත්වයක් බව ඔවුන්ගේ අදහසයි.

IMF  වැඩ සටහන නිසා සිදුවෙන බරපතල විනාශයට එරෙහිව ජනතාවට විසඳුම් ලබාදෙන විකල්ප දේශපාලන, සමාජ ආර්ථික වැඩපිළිවෙළක් ඉදිරිපත් කරමින්, වෙනසක් සොයමින් යන ප්‍රගතිශීලී ජනතාවට දක්ෂිණාංශික විරෝධී සියලු පක්ෂ එකතු කරමින් සංධානයක් ගොඩනගාදීමේ වගකීම පැවරී ඇත්තේ මාලිමාවටය. එවැනි සංවිධානයකින් ජනාධිපති බලය පමණක් නොව පාර්ලිමේන්තුවේ බහුතර බලයද අත්පත් කර ගැනීමේ  විෂය බද්ධ විභවයක් පවතින බව දේශපාලන විචාරකයන්ගේ මතය වී තිබේ .

මෙම තත්ත්වය මැනවින් විග්‍රහ කළ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මන්ත්‍රීතුමා ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා වෙත ලිපි දෙකක් යොමු කරමින් පවසා තිබුණේ IMF කොන්දේසි  වලට යට නොවන" වැඩ පිළිවෙළක්" සකසා ගැනීම සඳහා IMF කොන්දේසි වලට විරුද්ධව පාර්ලිමේන්තුවේදී එකට ඡන්දය පාවිච්චි කළ (සජබ එම ඡන්දයේදී පාර්ලිමේන්තුව මග හැරියේය )පක්ෂ සමඟ සංධානයක් ගොඩ නැගීම සඳහා සාකච්ඡාවක් කැඳවන ලෙසය.නමුත් දැනගැනීමට ඇති පරිදි එයට පිළිතුරක් හෝ එවා නැත .එමගින් සිදුවන්නේ කුමක්ද ?

නැවත දක්ෂිණාංශික පාලකයකු අතට බලය හුවමාරු වීමේ වැඩි  ඉඩකඩක් පැවතීමය.ඉතිහාසය පුරාවට ජවිපයේ මෙම අධිතක්සේරුව නිසා දක්ෂිණාංශික කඳවුර තහවුරු වූ ආකාරය උදාහරණ කීපයකින් පෙන්වා දිය හැක .එම හැම ක්‍රියාවකම අවසාන ප්‍රතිඵලය වූයේ දක්ෂිණාංශය ශක්තිමත් වී මර්දනකාරී පාලනයක් බිහිවීමය.

1971කැරැල්ලෙන් පසුව රාජ්‍ය යාන්ත්‍රණය ශක්තිමත් වූ අතර 1982 ජනාධිපතිවරණයේ දීද,මෙවර අරගලයෙන් පසුවද සිදුවූයේද දක්ෂිණාංශික නායකයෙකු වන රනිල් වික්‍රමසිංහ අතට බලය මාරුවීමය.

එබැවින් මෙවරද ජවිපෙ ට පැවසීමට තිබෙන්නේ තමන් පිළිබඳ අධිතක්සේරුවකින් කටයුතු නොකර රනිල් ,පොහොට්ටු ,සජිත් ඇතුළු IMF  නඩයේ දක්ෂිණාංශික අපේක්ෂකයන්ට  විරුද්ධව එකතුකළ හැකි සියලු වාමාංශික ප්‍රගතිශීලී ජාතිකවාදී පක්ෂ හා බහුජන සංවිධාන එකතු කර මහා සංවිධානයක් හදන ලෙසය.එසේ නොකළ හොත් නැවත දක්ෂිණාංශය බලය අතට ගනු ඇත .

.........විමර්ශක ........

තවත් පුවත් :


Post a Comment

0 Comments