රංගේ බණ්ඩාර අස්කරනු!


ජනාධිපතිවරණය හා මහා මැතිවරණය තවත් වසර දෙකකින් කල්දැමීම සඳහා එ ජා ප ලේකම් රංගෙ බණ්ඩාර කරන ප්‍රජාතන්ත්‍ර විරෝධී යෝජනාව රනිල් වික්‍රමසිංහගේ අනුදැනුමකින් හෝ ඔහුගේ  උපදෙස් නොමැතිව සිදුකරන්නක් නම් රංගෙ බණ්ඩාරව වහාම එජාප ලේකම් කමින් අස්කරන ලෙස ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන පිරිස් රනිල් වික්‍රමසිංහ මහතාට බලකළ යුතුව ඇතැයි   දේශපාලන විචාරකයන් පෙන්වා දෙයි.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විපක්ෂයේ සිටියදී හැසිරුනේ මහා ප්‍රජාතන්ත්‍රවාදියකු ලෙසය.ඔහු ලෝක ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ සංගමයේ විවිධ තනතුරු දැරූ ප්‍රජාතන්ත්‍රවාදී වේෂයෙන් පෙනී සිටින ලෝක ප්‍රකට ප්‍රජාතන්ත්‍රවාදියෙකි.

රංගෙ බණ්ඩාරගෙ මෙම ප්‍රකාශය ඔහුගේ උපදෙස් මත සිදුකළේ නම් ඔහුගේ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී සළුපිලි ගැලවීයාමට පටන්ගෙන ඇති බව කිව යුතුය .

ජනතාවගේ සර්ව ජන ඡන්ද  අයිතිය කොල්ල කන්න මේ රටේ ජනතාව කිසිසේත් ඉඩ නොදෙනු ඇත .මැතිවරණ පරාජය  පිළිබඳ ඇති බිය රංගෙ බණ්ඩාර ගේ මෙම ප්‍රකාශයට හේතුවී තිබේ .

මේ පාර්ලිමේන්තුවට හෝ අනුප්‍රාප්තික ජනාධිපතිට දැන් ජනවරමක් නැත .මැතිවරණ කල්දැමීම ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කරන මරු පහරකි .කෙටියෙන්ම කියනවානම් එය ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික හරය මරා දැමීමකි.ඒ නිසා ව්‍යවස්ථානුකූලව වහාම ජනාධිපතිවරණය පවත්වන ලෙස අපි ආණ්ඩුව ට බලකරමු!

ප්‍රජාතන්ත්‍රවාදී පොදු ජන ව්‍යාපාරය ......

තවත් පුවත් : 


Post a Comment

0 Comments