මත්ද්‍රව්‍ය ජාලයට එරෙහිව සිදුකරනු ලබන මෙහෙයුම් නිසා තමාට අමාත්‍යධූරයෙන් ඉවත්වන ලෙස මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබදතා පවත්වන ඇතැමුන් බලපෑම් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද (8) පැවැසුවේය.
කොටහේන පරමානන්ද විහාරස්ථානයේදී මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ සහ ප්‍රතිකාර කිරීමේ ‘සුවසාර කැදැල්ල‘ වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා ඒ බව පැවැසුවේය.
එහිදී අමාත්‍යවරයා පැවැසුවේ කොතෙකුත් බාධක පැමිණියද කෙසේ හෝ මේරට පාතාලයන්ගෙන් බේරාගැනීමට සැලසුම් කර ඇති බවය.
පොලිසිය ගෙනයන මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධකරුවන් මර්දනය කිරීමේ වැඩපිළිවලට අකමැති පුද්ගලයන් එය කඩාකප්පල් කිරීම සදහා කළ හැකි සෑම දේම සිදුකරන බවද අමාත්‍යවරයා කීය.
අමාත්‍යවරයා විසින් උත්සවයකදී කළ කතාවක් හේතුවෙන් කුඩු ජාවාරම්කරුවන්ට සම්බන්ධ පිරිස තමාට අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වෙන්නැයි පවසන බවත් අමාත්‍යවරයා පැවැසීය.
තවත් පුවත් :
0 Comments