"මගේ පුතා පොඩි කාලේ ඉගෙනගන්න වගේම ක්‍රීඩාවටත් හරිම දක්ෂයි. එයා ඉගෙනගෙන එක් පැත්තකින් විශ්ව විද්‍යාල වරම් ලබනකොට, අනික් පැත්තෙන් මලල ක්‍රීඩා අංශයෙන් ජාතික මට්ටමේ තරඟ වලට පවා සහභාගි උනා. හොඳට ඉගෙනගෙනත්, ඇඟ හදාගෙන කායවර්ධනයට යොමුවීම ගැන මමත්, පුතාලගේ තාත්තත් මුලදී කැමති උනේ නැහැ. ඒත් පුතා නොමඟ නොගොස් ඉලක්කයකට යනබව තේරුම් ගිය නිසා, අපි එයාට උදව් කලා. අද වනවිට, සමාජයේ හොඳ තැනක පුතා ඉන්නවා. එයා මහන්සි වෙලා ලබාගත්ත ජයග්‍රහණ ගැන සතුටුයි. අදටත් අපි දෙන්නා ගැනත්, විවාහ වී වෙනම ඉන්න එයාගේ නංගී ගැනත් නිතර සොයා බලා, හැමදේම කරනවා. එයාගේ බිරිඳයි, ළමයයි එක්ක සාර්ථක පවුල් ජීවිතයක් ගත කරනවා. පුතා ගැන මට ලොකු ආඩම්බරයක් තියෙනවා".
මෙලෙස පැවසූවේ සුභාෂිණි දිල්රුක්ෂි මහත්මියයි.
එයා මට මුණගැහුනේ විශ්ව විද්‍යාලයේ දි. අපි දෙන්නම කැමති නැහැ 8 - 5 රස්සාවක් කරමින් ඒකාකාරී ජීවිතයක් ගත කරන්න. එයා කායවර්ධනය තෝරගත්තේ මගේත් කැමැත්ත ඇතුව. මම උදේ 4 නැගිටලා, මට සාමාන්‍ය කෑමත්, බබාගේ කෑමත්, මෙයාට කායවර්ධනටත් ලෙස කෑම ජාති 3 ක් හදනවා. තරඟ ලංවෙනකොට මෙයා කන්නේ ලුණු, මිරිස් නැතිව. අපි උයන කෑම වල සුවඳ එයාට දැනෙන නිසා, මම ඒ දවස් වලට උයන්නෙ නැහැ. එයාගේ ක්‍රීඩාව වෙනුවෙන් එදත්, අදත්, හෙටත් මම කැප වෙනවා. කඩවසම් පෞර්ෂත්වයක් තියෙන මගේ සැමියාට කෙල්ලන්ගේ විතරක් නොවෙයි සමහර කොල්ලන්ගෙනුත් එක එක යෝජනා එනවා. එයා ඒව ගණන් ගන්නෙ නැහැ. මට එයාට විශ්වාසයි. අඩුම ගානේ මම එයාගේ දුරකථනයවත් බලන්නෙ නැහැ. පවුලට ලැදි, හැමදේම සමබරව සිදුකරන, නියම පිරිමියෙක්, මගේ සැමියා වීම ගැන මට හරිම ආඩම්බරයි.
තිස් එක් හැවිදිරි කලනි හර්ෂලා මහත්මියගේ අදහස් මෙබඳු විය.
මවත්, බිරිඳත් එකවිට ආඩම්බර වන, මේ කඩවසම් අයෝමය තරුව අපිට හමූ උනා. ඔහු නමින් සුභාෂ් බෙත්මගේ වෙයි.
සුභාෂ් උපත ලැබුවේ 1992 වසරේ, දෙදරු පවුලක වැඩිමලා ලෙස වන අතර ඔහු කුඩා කල සිට හැදී වැඩුනේ සිය පියාගේ ගම වන කොස්ගම ප්‍රදේශයේ වේ. ඔහුගේ පියා වන සුනිල් බෙත්මගේ මහතා, රජයේ පාසලක අනධ්‍යයන කාර්යය මණ්ඩලයේ සේවය කරන අතර මව වන සුභාෂිණි දිල්රුක්ෂි මහත්මිය ගෘහණියකි. ඔහුගේ නැගණිය වන ශෂිකා බෙත්මගේ විවාහ වී කොස්ගම ප්‍රදේශයේම වෙනම ජීවත් වෙයි.
සුභාෂ් සිප්සතර හැදෑරුවේ හංවැල්ල රාජසිංහ මධ්‍ය මහ විද්‍යාලයෙන් සහ කොළඹ අනාන්ද විද්‍යාලයෙන් ය. පාසල් අධ්‍යාපනයේදී ඉගෙනුමට මෙන්ම ක්‍රීඩාවටද ඔහු එක ලෙසින් දක්ෂතා දක්වා ඇත. මීටර් 100,200 දිවීම, දුර පැනීම, තුන් පිම්ම වැනි මලල ක්‍රීඩා ඉසව් වලින් පළාත් මට්ටමේ ජයග්‍රහණ රැසක් ලබාගෙන ඇති අතර ජාතික ක්‍රීඩා තරඟ වලටද සහභාගි වී ඇත. 2011 වසරේදී උසස් පෙළ විභාගය A සමාර්ථ 2 ක් හා B සමාර්ථයක් සහිතව ඉහලින්ම සමත් වී, ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ඇතුලු වී, ව්‍යාපාර පරිපාලනය පිලිබඳ උපාධිය ලබාගත්තේ 2016 වසරේය.
උසස් පෙලින් පසුව වැඩිදුර අධ්‍යාපනයට මෙන්ම සිය උපන් කඩවසම් පෙනුම හරහා රඟපෑමට හා නිරූපන ක්ෂේත්‍රයට පා තැබීමටද දැඩි කැමැත්ත තිබූ නිසා, සුභාෂ් පලමුවෙන්ම Gym එකකට යන්නේ 2011 වර්ෂයේය. විශ්ව විද්‍යාලය තුල ඉගෙනුම ලබන අතර, රූපවාහිනී දැන්වීම් කිහිපයකට, සංගීත වීඩියෝ කිහිපයකට සම්බන්ධ වී ඇති අතර, නිරූපණය සම්බන්ධ Man Hunt session 2 වල අවසාන 12 දෙනාටද තේරී පත්විය. විශ්ව විද්‍යාල සමයේදී, එහිම ඉගෙනුම ලැබූ කලනි හර්ෂලා සමග ප්‍රේම සම්බන්ධතාවක් ඇතිකරගත්තේ 2015 වසරේය.
කෙසේ හෝ සිය පවුලට ආර්ථික වශයෙන් ශක්තියක් වීම අදිටන් කරගත් සුභාෂ් ඩුබායි දේශයට 2016 වසරේදි ගොස් වසර 2ක් පමණ නාවික බහලුම් සමාගමක් සේවය කර ඇත. මේ කාලයේදී ඔහු ඩුබායි දේශයේ gym එකකට ගිය අතර, ශරීර යෝග්‍යතාවය පිලිබඳ වැඩිදුර හැදීරීම් සිදුකර, International Sports Science Association (ISSA) ආයතනයෙන්, පෞද්ගලික ශරීරික යෝග්‍යතා හා පෝෂණවේදී පුහුණුකරු (Personal Trainer and Nutrition Specialist ) සහතිකය ලබාගත්තේය. 2018 වසරේදී ලංකාවට පැමිණ, 2019 වසරේදී ඔහු සිය පෙම්වතිය වූ හර්ෂලාව විවාහ කරගත්තේ, දෙදෙනාගේ දස්කම් එක්කර, ජීවිතය ගොඩනගාගැනීමේ අරමුණින් ය. සිය බිරිඳ සමග එක්වී, events organizing කටයුතු කලත් එය කෝවිඩ් නිසා ආඩාල වූ නිසා, සුභාෂ් online ක්‍රමයට ශරීර යෝග්‍යතා පුහුණුකරු කටයුතු වල නිරත උනා. මේ දිනවල, දිවයෙනේම කායවර්ධන ජයග්‍රාහකයින් රැසක් බිහිකල, මාලිංග ප්‍රනාන්දු ව, සුභාෂ් ට හමුවිය. මෙය සුභාෂ්ගේ දිවියේ හැරවුම් ලක්ෂයක් විය. මාලිංගයේ ගුරුහරුකම් මැද, සිය බිරිඳගේද සහයෝගය සමග කායවර්ධන ක්‍රීඩාවට යොමුවීමට සුභාෂ් තීරණය කලේ 2022 වසරේය.
2023 වසරේ ජුනි මාසයේ පැවති ආධුනික කායවර්ධන තරඟාවලියේ දී, උස සෙන්ටිමීටර් 171ට අඩු physique ඉසව්වේත්, බර කිලෝ 75 කාංඩයේ Bodybuilding ඉසව්වේත්, පලමු ස්ථාන හිමිකරගෙන, සමස්ත තරඟාවලියේ ශූරතාව (Mr Novice 2023 ) ජයග්‍රහණය කිරීමටද සුභාෂ්ට හැකිවිය. මෙවැනි තරඟාවලියක bodybuilding හා physique ඉසව් 2කම, පලමුවැනියා වූ පලමු ක්‍රීඩකයාද සුභාෂ් ය. සිය පලමු තරඟාවලියේම විජයග්‍රහණයක් වාර්තා කල සුභාෂ් ඉන් නොනැවතී 2023 වසරේ ජූලි මාසයේ ලෙබනන් වල පැවති IFBB Asian Championship වල ඉසව් 3කට සහභාගි වී , එම ඉසව් 3න්ම ජයග්‍රහණය වාර්තාකලේය. කිලෝ 70 බර කාංඩයේ කායවර්ධන ඉසව්වේ තුන්වැනි ස්ථානයත්, Men’s Classic Bodybuilding ඉසව්වේ සිව්වැනි ස්ථානයත්, Men’s Classic Physique ඉසව්වේ 6 වැනි ස්ථානයත් දිනාගැනීමට සමත්විය. ඉන් අනතුරුව එම වසරේම අගෝස්තු මස ශ්‍රී ලංකාවේ පැවති Mr Srilanka Physique තරඟාවලියේදී, Men’s Physique (under 171 cm), Men’s Classic Physique (under 171 cm) සහ
Men’s Classic Bodybuilding (under 171cm) යන තරඟ ඉසව් තුනකට සහභාගි වී, එම ඉසව් තුනෙන්ම දෙවන ස්ථාන වාර්තා කිරීමට සමත්විය.
සුභාෂ්ගේ මේ ගමන්මගේ හෙවනැල්ල මෙන් සිටි සිය ආදරණීය බිරිඳටත්, සිය ජීවිතයට නැවුම් බලාපොරොත්තුවක් එක්කල, වයස අවුරුදු 2 ක් වන සිය පුතාටත්, කුඩාකල සිට, සිය දක්ෂතා අගයකරමින්, දිරිගැන්වූ මාපිය දෙපලටත්, සිය නැගණියටත්,ඒ වගේම විටෙක සහෝදරයෙක් හා මිතුරෙකු වූත්, විටෙක මූල්‍ය අනුග්‍රාහකයෙකු වූත් තවත් විටෙක ගුරු මුෂ්ටියක් නැතුව කායවර්ධනය උගන්වන පුහුණුකරුවෙකුවූත් මාලිංග ප්‍රනාන්දුටත්, ගෞරවනීය ස්තුතිය පුදකිරීමට සුභාෂ් අමතක කලේ නැත. ඒ වගේම ආර්ථික හා වෙනත් ආකාර වලින් තමාට උපකාර කල, සිය මිතුරන්, ගෝලයන්, Suppliment Warehouse ආයතනයේ හිමිකරු, තමා පුහුණුවීම් සඳහා යන Spartance fitness center ආයතනයේ කාර්යය මණ්ඩලය ද සිහිපත් කලේය.
ඔහුගේ අනාගත බලාපොරොත්තු ලෙස ඔහු පැවසූවේ 2025 වසරේ පැවැත්වීමට නියමිත IFBB ලෝක ශූරතාවලියට සහභාගි වී ජාත්‍යන්තර ජයග්‍රහණ ලක්මවට ගෙනඒම සිය මීලඟ ඉලක්කය බවයි. තවද ජාත්‍යන්තර මට්ටමේ Procard එකක් දිනාගැනීම සිය දිගුකාලීන බලාපොරොත්තුව බවද සඳහන් කලා. අධ්‍යාපනය, කලාව, ක්‍රීඩාව වගේම සාර්ථක පවුල් ජීවිතය යන සියල්ල ජයගත් සුභාෂ්, ඉල්ලීම් වෙනුවෙන් සටන් කරන වත්මන් තාරුණ්‍යයට ඉතා හොඳ ආදර්ශයකි.
- යෙනුක සිසිල්චන්ද්‍ර
#1.
#2.#3. #4. #5.#6.#7.#8.#9.#10. #11. #12. #13. #14.#15. #16. තවත් පුවත් :
0 Comments