කුලියාපිටියේ සුසිත් ජයවංශ නැමති තරුණයා ඝාතනය කිරීමට සිය නිවසට ගෙන්වා ගෙන ඇත්තේ ඔහුගේ පෙම්වතිය විසින් බව අධිකරණයේදී ඊයේ (13) අනාවරණය වුණා..
ඒ ඇයව සිද්ධියේ 9 වන සැකකාරිය ලෙස නම් කළ විට මහේස්ත්‍රත්වරයා නැගූ ප්‍රශ්නයකට පොලිසිය ප්‍රතිචාර දැක්වූ අවස්ථාවේදීයි..
අදාළ තරුණිය, සිද්ධිය වූ බව කියන දිනයේ දුරකතන ඇමතුමක් ලබා දී තරුණියගේ නිවසට කැදවා ඇති බව දුරකතන විශ්ලේෂණ වාර්තා මගින් අනාවරණය වී ඇති බව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා..
මෙහිදී 18 හැවිරිදි තරුණිය සහ ඇගේ පියා වන සිගිති නැමැත්තා ඇතුළු සෙසු සැකකරුවන් අට දෙනාද ලබන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි කුලියාපිටිය මහේස්ත්‍රාත් රන්දික ලක්මාල් ජයලත්ගේ නියෝග කරනු ලැබුවේ..
අදාළ තරුණිය මීගමුව ප්‍රදේශයේ ඥාති නිවසක සැගව සිට දින 20කට පසුව පොලිසියට භාර වීමෙන් පසු අත්අඩංගුවට ගැණුනා..
වයස අවුරුදු 15 සිට ඔහු අවස්ථා රැසකදී තමන්ව බියගන්වා දූෂණයට ලක්කළ බවයි ඇය එහිදී පොලිසිය හමුවේ ප්‍රකාශ කර ඇත්තේ..
අත්අඩංගුවට ගත් මෙම තරුණිය මේ වන විට වෛද්‍ය පරීක්ෂණයක් සදහා යොමු කර තිබෙනවා..
තවත් පුවත් :
0 Comments