ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම නියෝජනය කරන විශ්ව ප්‍රනාන්දු ගැන ඇසෙන අලුත්ම ආරංචිය තමයි මේ.
ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට ක්‍රීඩා කරමින් දක්ෂතා පෙන් වූ වේග පන්දු යවන ක්‍රීඩක විශ්ව ප්‍රනාන්දු යෝක්ෂයර් කණ්ඩායම සමග ගිවිසුම් ගතව තිබෙනවා.
ඒ එංගලන්තයේ පැවැත්වෙන ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලිය සඳහයි.
විශ්ව මෙහිදී නෝර්ත්හැම්ප්ටන්ෂයර්, ග්ලූස්ටර්ෂයර් සහ ඩර්බිෂයර් යන කණ්ඩායම්වලට එරෙහිව තරග සඳහා සහභාගි වීමට නියමිතයි.
තරග 23කදී 33.09 බැගින් ටෙස්ට් කඩුලු 64ක් දවාගෙන ඇති විශ්ව පසුගියදා බංග්ලාදේශය සමග පැවති ටෙස්ට් තරගාවලියේද සුපිරි දස්කම් දැක් වූ ක්‍රීඩකයෙක් බවට පත් වුණා.
තවත් පුවත් :
0 Comments