ශ්‍රී ලංකාවට සුපිරි කණ්ඩායම් 8 අතරට යාමේ බලාපොරොත්තු ඉතාමත් අවිනිශ්චිත තත්ත්වයකට පත්ව තිබේ.
ඊට සුදුසුකම් ලැබීමට නම්, පළමුවෙන් ම, ජූනි 13 වන දා පැවැත්වීමට නියමිත බංගලාදේශය සහ නෙදර්ලන්තය අතර තරගය වර්ෂාව නිසා අත්හැර දැමීමට සිදු විය යුතු ය.
ඉන්පසු ජූනි 16 වන දා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා - නෙදර්ලන්ත තරගයෙන් නෙදර්ලන්තය පරාජයට පත් කළ යුතු ය.
එපමණක් නොවේ, ජූනි 14 වන දා පැවැත්වීමට නියමිත තරගයෙන් දකුණු අප්‍රිකාව, නේපාලය හමුවේ, විශාල පරතරයක් සහිත ජයග්‍රහණයක් ලැබිය යුතු ය.
එය ද ප්‍රමාණවත් නොවේ. නේපාලය සහ බංගලාදේශය අතර තරගයෙන් නේපාලය ජය ගත යුතු ය.
ඒ අනුව, ශ්‍රී ලංකාවට සුපිරි කණ්ඩායම් 8 අතරට සුදුසුකම් ලැබීම සදහා ඇත්තේ, අතිශය සුළු අවස්ථාවකි.
තවත් පුවත් :
- කොල්ලව ගෙදර යවනකල් කට්ටියට තිබුණේ හරි හදිස්සියක්.
- වැහැලා ආශ්චර්යක් වෙලා Super-8 යන්න පුලුවන් වුනොත් අපට සතුටුයි..- තීක්ෂණ ඇමරිකාවේ සිට.
0 Comments